Top Story
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කරමින් රජයට රුපියල් එක් කෝටි හතළිස් තුන් ලක්ෂයකට (රු. 14,300,000) ආසන්න මුදලක පාඩුවක් සිදුකිරීමේ චෝදනා මත ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න නම් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයායි. අද පෙරවරු 09.55ට පමණ කොමිෂන් සභා නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබාගැනීමේදී නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව, ව්‍යාජ ප්‍රති ඇණවුමක් හරහා ඒවා ලබාගෙන තිබීම හේතුවෙන් රුපියල් 14,300,000ක පමණ මුදලක් රජයට අහිමි වී තිබෙනවා.අත්අඩංගුවට ගත් ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ඉදිරි කටයුතු සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
තවදුරටත් කියවන්න
General19 June 2026 1:24 PM
දූෂණ චෝදනා මත ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට
Live Football Scores
Video of the Day
Latest TV News Bulletin
International News

නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට වෙඩි ප්‍රහාරයක්: පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට

International 19 June 2026
නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට වෙඩි ප්‍රහාරයක්: පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට

මිලියන 100ක චීන පාරිභෝගිකයෝ ණය බරින් හෙම්බත් වෙති

International 19 June 2026
මිලියන 100ක චීන පාරිභෝගිකයෝ ණය බරින් හෙම්බත් වෙති

රොබින් හුඩ්ගේ සැඟවුම්පොළ ලෙස ප්‍රකට, බ්‍රිතාන්‍යයේ වසර 1200ක් පැරණි සුප්‍රසිද්ධ 'මේජර් ඕක්' වෘක්ෂය මියයයි

International 18 June 2026
රොබින් හුඩ්ගේ සැඟවුම්පොළ ලෙස ප්‍රකට, බ්‍රිතාන්‍යයේ වසර 1200ක් පැරණි සුප්‍රසිද්ධ 'මේජර් ඕක්' වෘක්ෂය මියයයි

ස්පයිඩර් මෑන් ප්‍රචාරක චාරිකාව ඇරඹෙයි - විවාහයෙන් පසු සෙන්දයා සහ ටොම් හොලන්ඩ් පළමු වරට එකට කරළියට

International 18 June 2026
ස්පයිඩර් මෑන් ප්‍රචාරක චාරිකාව ඇරඹෙයි - විවාහයෙන් පසු සෙන්දයා සහ ටොම් හොලන්ඩ් පළමු වරට එකට කරළියට

යුක්රේනය මොස්කව් තෙල් පිරිපහදුවකට ප්‍රහාර එල්ල කරයි

International 18 June 2026
යුක්රේනය මොස්කව් තෙල් පිරිපහදුවකට ප්‍රහාර එල්ල කරයි

ගිවිසුම් කඩ කළොත් යළි පහර දෙන බවට ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

International 18 June 2026
ගිවිසුම් කඩ කළොත් යළි පහර දෙන බවට ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

ඉන්දු - අමෙරිකානු නායකයින් අතර ද්විපාර්ශවික සාකච්ඡා

International 18 June 2026
ඉන්දු - අමෙරිකානු නායකයින් අතර ද්විපාර්ශවික සාකච්ඡා

චීන ඒකාධිකාරයට අභියෝග කරමින් රුසියාවේ විශාලතම දුර්ලබ ඛනිජ නිධියක් ඉන්දියාවට විවෘත වෙයි

International 18 June 2026
චීන ඒකාධිකාරයට අභියෝග කරමින් රුසියාවේ විශාලතම දුර්ලබ ඛනිජ නිධියක් ඉන්දියාවට විවෘත වෙයි

අමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ ඉරාන ජනපති පීසෙෂ්කියන් අතර ගිවිසුමක් අත්සන් කෙරේ

International 18 June 2026
අමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ ඉරාන ජනපති පීසෙෂ්කියන් අතර ගිවිසුමක් අත්සන් කෙරේ

අත්හිටුවා ඇති වත්කම් නිදහස් කරගැනීමට ඉරාන මහ බැංකුවෙන් පියවර

International 18 June 2026
අත්හිටුවා ඇති වත්කම් නිදහස් කරගැනීමට ඉරාන මහ බැංකුවෙන් පියවර

ඇමරිකානු නාවික අවහිරතාවලින් මාස දෙකකට පසු පළමුවරට ඉරාන තෙල් නෞකා තුනක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි

International 17 June 2026
ඇමරිකානු නාවික අවහිරතාවලින් මාස දෙකකට පසු පළමුවරට ඉරාන තෙල් නෞකා තුනක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි

අමෙරිකා - ඉරාන ගිවිසුමට ඩොලර් බිලියන 300ක දැවැන්ත අරමුදලක්!

International 17 June 2026
අමෙරිකා - ඉරාන ගිවිසුමට ඩොලර් බිලියන 300ක දැවැන්ත අරමුදලක්!

ධවල මන්දිරයේ UFC තරගාවලියට එල්ල වීමට ගිය ඩ්‍රෝන ප්‍රහාරයක් FBI ව්‍යර්ථ කරයි

International 16 June 2026
ධවල මන්දිරයේ UFC තරගාවලියට එල්ල වීමට ගිය ඩ්‍රෝන ප්‍රහාරයක් FBI ව්‍යර්ථ කරයි

අමෙරිකා - ඉරාන එකඟතාවයේ පළමු අදියර සාර්ථකයි: ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

International 16 June 2026
අමෙරිකා - ඉරාන එකඟතාවයේ පළමු අදියර සාර්ථකයි: ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

කාම්බෝජයට චීන යුද ටැංකි ලැබීම ගැන තායිලන්තයේ දැඩි අවධානය

International 16 June 2026
කාම්බෝජයට චීන යුද ටැංකි ලැබීම ගැන තායිලන්තයේ දැඩි අවධානය
More News
General19 June 2026

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ රිට් පෙත්සම ජූලි 20 කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග

තමන්ගේ සේවය තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න කතානායකවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුලි මස 20 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. මෙම පෙත්සම අද (19) අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට සූදානම් බව සඳහන් කළා.එම අවස්ථාවේදී අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින කතානායකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකරන බව සඳහන් කළා.සෙසු වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින බිමල් රත්නායක සහ අනිල් ජයන්ත යන අමාත්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් සහ තවත් වගඋත්තරකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානායක්කාරවසම් යන අයද මෙම නඩුකරය සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කරන බව පැවසුවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුලි මස 20 වැනිදා කැඳවන ලෙස නියම කළාකිසිදු සාධාරණ විමර්ශනයක් නොපවත්වා ගෙන සිය වැඩ තහනම් කිරීමට කතානායකවරයා විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත්, එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

තවදුරටත් කියවන්න
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ රිට් පෙත්සම ජූලි 20 කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
General19 June 2026

අද සිට අධිවේගයේ ආසන පටි අනිවාර්යයි: නීතිය කඩ කළ බස් රථයකට වැඩ වරදී

ආසන පටි නොමැති වාහන සඳහා රජය මගින් ලබා දී තිබූ මාස තුනක සහන කාලය අද (19) දිනයෙන් අවසන් වෙනවා.ඒ අනුව, දක්ෂිණ අධිවේගී මාර්ගයට ගැලණිගම පිවිසුමෙන් ඇතුළුවීමට පැමිණි පෞද්ගලික වාහන සහ මගී බස් රථවල ගමන් ගන්නා මගීන්, ආසන පටි පැළඳ සිටිනවාද යන්න පරික්ෂා කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා.එහිදී පානදුර සිට කඩුවෙල දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක මගීන් 33 දෙනාම ආසන පටි පැළඳ නොසිටි බවට පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.එහිදී පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තවදුරටත් කියවන්න
අද සිට අධිවේගයේ ආසන පටි අනිවාර්යයි: නීතිය කඩ කළ බස් රථයකට වැඩ වරදී
General19 June 2026

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338.70ක් ලෙස සටහන් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 338.7004ක් ලෙස සටහන් වුණා.එහි ගැනුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 328.8515ක් ලෙසයි.එසේම ඊයේ (18) දිනයේ ඩොලරයේ විකුණුම් මිල 339.0672ක් ලෙස සටහන්ව තිබුණා.

තවදුරටත් කියවන්න
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338.70ක් ලෙස සටහන් වෙයි
General19 June 2026

තෙල්ලිප්පලෙයි සංවර්ධන කමිටුවේදී මළ පැන්න අර්චුනාගෙන් ගජෙන්ද්‍රට තරවටු

තෙල්ලිප්පලෙයි ප්‍රාදේශීය සංවර්ධන කමිටුව ඊයේ (18) රැස්වූ අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.මෙම කමිටුව එස්. ශ්‍රීපවනන්දරාජා ප්‍රධානත්වයෙන් රැස්වුණා.තෙල්ලිප්පලෙයි රෝහලේ පිළිකා ප්‍රතිකාර අංශය සහ රෝහල මධ්‍යම රජය යටතට පවරාගෙන එය සංවර්ධනය කර ජනතාවට සේවා සැපයීම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා.මීට අමතරව, තායිට්ටි විහාරය, ප්‍රවාහන කටයුතු සහ ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.මෙම සාකච්ඡාවේදී තෙල්ලිප්පලෙයි රෝහල සම්බන්ධයෙනුයි මන්ත්‍රීවරුන් දෙපල අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත්තේ.එහිදී මන්ත්‍රී රාමනාදන් අර්ජුනා විසින් "උස්සලා ගහනවා" යන වචනය භාවිත කිරීම හේතුවෙන් මේ වන විට විවිධ විවේචන එල්ල වෙමින් පවතින බව සඳහන්.

තවදුරටත් කියවන්න
තෙල්ලිප්පලෙයි සංවර්ධන කමිටුවේදී මළ පැන්න අර්චුනාගෙන් ගජෙන්ද්‍රට තරවටු
General19 June 2026

තෙල්දෙණියෙන් සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා තවමත් අතුරුදන්

තෙල්දෙණිය මූලික රෝහල අසළ රථගාලක නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී සිරුර හමු වූ භෞත චිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ බව කියන ඇගේ පෙම්වතා අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටිනවා. ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ තෙල්දෙණිය මූලික රෝහලේදී සිදු කෙරුණේ, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයාගේ අධීක්ෂණයෙන්.එහිදී විවෘත තීරණයක් ලබා දෙමින් වැඩිදුර පරීක්ෂණ සඳහා ඇයගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා. මේ වන විට මෙම භෞත චිකිත්සකවරියගේ මෘත දේහය ඥාතීන් වෙත භාරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.මෙම භෞත චිකිත්සකවරියගේ මළ සිරුර හමුවී තිබුණේ, පෙරේදා පස්වරුවේදීයි. 34 හැවිරිදි ඇය වැලිගම, කුරුඳු කොරටුව, ප්‍රදේශයේ පදිංචි අයෙක්. ඇයගේ ගෙල ප්‍රදේශයේ තුවාල කිහිපයක් දක්නට ලැබෙන අතර, මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින ඇගේ පෙම්වතා සෙවීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. පොලිසිය සදහන් කළේ, අදාළ පුද්ගලයා ජංගම දුරකතන කිහිපයක් භාවිත කර ඇති බවයි. එමෙන්ම, මහනුවර, මාතලේ, කුණ්ඩසාලේ සහ ගන්නෝරුව යන ප්‍රදේශවල ඔහු වැඩි වශයෙන් කාලය ගතකර ඇති බව සදහන්. මියගිය භෞතචිකිත්සකවරිය, සිය පෙම්වතා බව කියන පුද්ගලයා සමඟ පසුගිය 3 වැනිදා සිට 16 වනදා දක්වා නුවරඑළියේ නවාතැන්පොළක රැදී සිට තිබෙනවා. පසුව පෙම්වතා එම කාන්තාවගේ සිරුර 16 වනදා රාත්‍රියේ මෝටර් රථයක දමා පෙරේදා උදෑසන තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවටයි සැක කෙරෙන්නේ.ඇය ඔසවාගෙන යන අයුරු දැක්වෙන සී.සී.ටි.වී දර්ශන ද මේ වනවිට නිකුත් වී තිබෙනවා. සිරුර රථගාලේ තබා ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබුණේ ද පෙම්වතා බව පැවසෙන පුද්ගලයා විසින් බවටයි පොලිසිය පවසන්නේ.මේ අතර මියගිය භෞතචිකිත්සකවරිය සම්බන්ධයෙන් අම්පාර මහරෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිස්සංක විඡේවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, 2023 වසරේ සිට එම රෝහලේ සේවය කළ ඇය මීට මාසයකට පමණ පෙර රැකියාවෙන් ඉල්ලා අස්වීමට අදාල ලියකියවිලි භාර දුන් බවයි. එසේම, මෙම භෞතචිකිත්සකවරිය කැනඩාවට යාමේ සැලසුමකින් පසු වී ඇති අතර ඒ වෙනුවෙන් විශාල මුදලක් ණයට ලබා ගෙන ඇති බව සදහන්. කෙසේ වෙතත්, කැනඩාවට යාමට නොහැකි වීම සහ ණය මුදල් ආපසු ගෙවා ගැනීමට නොහැකිව නිසා ඇය දැඩි මානසික පීඩනයෙන් සිට ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙලිවී ඇත්තේ.

තවදුරටත් කියවන්න
තෙල්දෙණියෙන් සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා තවමත් අතුරුදන්
International News

නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට වෙඩි ප්‍රහාරයක්: පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට

International 19 June 2026
නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට වෙඩි ප්‍රහාරයක්: පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට

මිලියන 100ක චීන පාරිභෝගිකයෝ ණය බරින් හෙම්බත් වෙති

International 19 June 2026
මිලියන 100ක චීන පාරිභෝගිකයෝ ණය බරින් හෙම්බත් වෙති

රොබින් හුඩ්ගේ සැඟවුම්පොළ ලෙස ප්‍රකට, බ්‍රිතාන්‍යයේ වසර 1200ක් පැරණි සුප්‍රසිද්ධ 'මේජර් ඕක්' වෘක්ෂය මියයයි

International 18 June 2026
රොබින් හුඩ්ගේ සැඟවුම්පොළ ලෙස ප්‍රකට, බ්‍රිතාන්‍යයේ වසර 1200ක් පැරණි සුප්‍රසිද්ධ 'මේජර් ඕක්' වෘක්ෂය මියයයි

ස්පයිඩර් මෑන් ප්‍රචාරක චාරිකාව ඇරඹෙයි - විවාහයෙන් පසු සෙන්දයා සහ ටොම් හොලන්ඩ් පළමු වරට එකට කරළියට

International 18 June 2026
ස්පයිඩර් මෑන් ප්‍රචාරක චාරිකාව ඇරඹෙයි - විවාහයෙන් පසු සෙන්දයා සහ ටොම් හොලන්ඩ් පළමු වරට එකට කරළියට

යුක්රේනය මොස්කව් තෙල් පිරිපහදුවකට ප්‍රහාර එල්ල කරයි

International 18 June 2026
යුක්රේනය මොස්කව් තෙල් පිරිපහදුවකට ප්‍රහාර එල්ල කරයි

ගිවිසුම් කඩ කළොත් යළි පහර දෙන බවට ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

International 18 June 2026
ගිවිසුම් කඩ කළොත් යළි පහර දෙන බවට ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

ඉන්දු - අමෙරිකානු නායකයින් අතර ද්විපාර්ශවික සාකච්ඡා

International 18 June 2026
ඉන්දු - අමෙරිකානු නායකයින් අතර ද්විපාර්ශවික සාකච්ඡා

චීන ඒකාධිකාරයට අභියෝග කරමින් රුසියාවේ විශාලතම දුර්ලබ ඛනිජ නිධියක් ඉන්දියාවට විවෘත වෙයි

International 18 June 2026
චීන ඒකාධිකාරයට අභියෝග කරමින් රුසියාවේ විශාලතම දුර්ලබ ඛනිජ නිධියක් ඉන්දියාවට විවෘත වෙයි

අමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ ඉරාන ජනපති පීසෙෂ්කියන් අතර ගිවිසුමක් අත්සන් කෙරේ

International 18 June 2026
අමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ ඉරාන ජනපති පීසෙෂ්කියන් අතර ගිවිසුමක් අත්සන් කෙරේ

අත්හිටුවා ඇති වත්කම් නිදහස් කරගැනීමට ඉරාන මහ බැංකුවෙන් පියවර

International 18 June 2026
අත්හිටුවා ඇති වත්කම් නිදහස් කරගැනීමට ඉරාන මහ බැංකුවෙන් පියවර

ඇමරිකානු නාවික අවහිරතාවලින් මාස දෙකකට පසු පළමුවරට ඉරාන තෙල් නෞකා තුනක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි

International 17 June 2026
ඇමරිකානු නාවික අවහිරතාවලින් මාස දෙකකට පසු පළමුවරට ඉරාන තෙල් නෞකා තුනක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි

අමෙරිකා - ඉරාන ගිවිසුමට ඩොලර් බිලියන 300ක දැවැන්ත අරමුදලක්!

International 17 June 2026
අමෙරිකා - ඉරාන ගිවිසුමට ඩොලර් බිලියන 300ක දැවැන්ත අරමුදලක්!

ධවල මන්දිරයේ UFC තරගාවලියට එල්ල වීමට ගිය ඩ්‍රෝන ප්‍රහාරයක් FBI ව්‍යර්ථ කරයි

International 16 June 2026
ධවල මන්දිරයේ UFC තරගාවලියට එල්ල වීමට ගිය ඩ්‍රෝන ප්‍රහාරයක් FBI ව්‍යර්ථ කරයි

අමෙරිකා - ඉරාන එකඟතාවයේ පළමු අදියර සාර්ථකයි: ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

International 16 June 2026
අමෙරිකා - ඉරාන එකඟතාවයේ පළමු අදියර සාර්ථකයි: ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

කාම්බෝජයට චීන යුද ටැංකි ලැබීම ගැන තායිලන්තයේ දැඩි අවධානය

International 16 June 2026
කාම්බෝජයට චීන යුද ටැංකි ලැබීම ගැන තායිලන්තයේ දැඩි අවධානය
Sports Stories
Explore More
පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසී සංවේදී වෙයි: වගකීම් විරහිත මාධ්‍ය හැසිරීම්වලට පවුලේ අයගෙන් දැඩි විරෝධයක්

පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසී සංවේදී වෙයි: වගකීම් විරහිත මාධ්‍ය හැසිරීම්වලට පවුලේ අයගෙන් දැඩි විරෝධයක්

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසීගේ (Lionel Messi) පියා වන ජෝර්ජ් මෙසී (Jorge Messi) දැනට මුහුණ දී සිටින සෞඛ්‍ය ගැටලුවකින් සුවය ලබමින් සහ "යහපත් ලෙස ප්‍රතිචාර දක්වමින්" පසුවන බව ඔහුගේ පවුලේ සාමාජිකයන් ඊයේ (18) නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ඇල්ජීරියාවට එරෙහිව ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමෙන් අනතුරුව, ලියොනෙල් මෙසී සිය ජර්සියෙන් කඳුළු පිසදමමින් දැඩි සේ සංවේදී වූ අයුරු දැකීමෙන් පසුව ඔහුගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වුණා. කෙසේ වෙතත්, මෙසී පසුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ තමන් හැඬුවේ ක්‍රීඩාවට සම්බන්ධ නොවන පෞද්ගලික හේතුවක් මත බවත්, පසුගිය දින කිහිපය තුළ තමන් දැඩි දුෂ්කර කාලවකවානුවක් පසු කළ බවයි.මෙසීගේ පවුලේ සාමාජිකයන් පවසන පරිදි ජෝර්ජ් මෙසී දැනට "වෛද්‍ය අධීක්ෂණය යටතේ" පසුවන අතර, පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ඔවුහු මාධ්‍ය සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.කෙසේ වෙතත්, ඔහු මුහුණ දී සිටින සෞඛ්‍ය ගැටලුවේ නිශ්චිත ස්වභාවය පිළිබඳව එම නිවේදනයේ කිසිවක් සඳහන් කර නැහැ.මේ අතර, පවුලේ හිතවතකු රොයිටර් පුවත් සේවයට (Reuters) පවසා ඇත්තේ මෙසීගේ පියා දැනට ආර්ජන්ටිනාවේ රෝහලක තරමක් බරපතළ තත්ත්වයෙන් පසුවන බවයි.තම ලෝක කුසලාන ශූරතාව රැකගැනීමේ අරමුණින් තරග වදින ආර්ජන්ටිනා කණ්ඩායම, එළඹෙන සඳුදා දින 'J' කාණ්ඩය (Group J) යටතේ ඔස්ට්‍රියාව සමඟ සිය මීළඟ තීරණාත්මක තරගයට මුහුණ දීමට නියමිතව තිබෙනවා.

තවදුරටත් කියවන්න
Business Stories
Explore More
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යෑමක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යෑමක්

අමෙරිකා, ඉරාන ජනාධිපතිවරුන් දෙරට අතර යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් මූලික සාම ගිවිසුමට අත්සන් තැබීම සමගින් ලෝකවෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.ඊයේ වාර්තා වූ බොරතෙල් මිල එදිනට වසරකට පෙර පැවැති අගයට සමාන වී තිබීමත් විශේෂත්වයක්එවන් පසුබිමක අද උදෑසන වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.38ක් ලෙස සටහන් වූ අතර WTI බොරතෙල්බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.45ක් ලෙස සටහන් වුණා. දින 100කට අධික කාලයක් පුරා අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති යුද ගැටුම හරහා මැදපෙරදිග කලාපයේ අස්ථාවරත්වයක් ඇතිවූ අතර පසුව එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය බලශක්ති අර්බුදයක්ද නිර්මාණය වුණා.කෙසේ වෙතත් අමෙරිකා ඉරාන ජනාධිපතිවරුන් දෙරට අතර යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් මූලික සාම ගිවිසුමට අත්සන් තැබීම සමගින් හෝමුස් සමූද්‍ර සන්ධිය යළි විවෘත කළ අතර ඒ සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු පහත වැටී තිබෙනවා.ඒ යටතේ මැදපෙරදිග සිට ආසියානු කලාපය වෙත ඉන්ධන බැරල් මිලියන 62කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි සති තුන තුළ පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .මේ හෝමුස් සමූද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය යථාවත් වී තිබෙනවා. මැදපෙරදිග කලාපයේ යුද ගැටුම ආරම්භ වීමට පෙර එනම් පසුගිය පෙබරවාරි මස 28 වැනිදා වන විට ලෝක වෙළෙදපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 72.87ක් ලෙසත් WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 67.02ක් ලෙසත් සටහන්වුණා.කෙසේ වෙතත් අමෙරිකාව සහ ඉරානය අතර යුද ගැටුම උත්සන්න වූ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 126 දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 115 දක්වාත් ඉහළ ගියා.කෙසේ වෙතත් මේවන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යාමක් පෙන්නුම් කරනවා.ඒ අනුව ඊයේ දිනයේ්දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 76.64ක් දක්වා පහත වැටී තිබූ අතර WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.93ක් දක්වා පහත වැටී තිබුණාඑය ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල,පසුගිය වසරේ ජුනි 18 වැනිදා පැවැති අගයට සමානයි.කෙසේ වෙතත් අද බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.38ක් ලෙස සටහන් වූ අතර WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.45ක් ලෙස සටහන් වුණාලෝක වෙළදපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම මෙරට ඉන්ධන මිලටද සැලකිය යුතු බලපෑමක් එල්ල කළා.අමෙරිකාව සහ ඉරානය අතර යුධ ගැටුම ආරම්භ වූ පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට අවස්ථා 06කදී මෙරට ඉන්ධන මිල සංශෝධනය වී තිබෙනවා.එම ප්‍රමාණය දළ වශයෙන් 40% ක පමණ ඉහළ යාමක් ලෙසයි ගනන් බලා ඇත්තේඒ අනුව මැද පෙරදිග යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල්141කින් ඉහළ ගොස් ඇති අතර , ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 155කින් වැඩි වී තිබෙනවා.එමෙන්ම මැද පෙරදිග යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 126කින්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 149කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 103කින් ඉහළ ගොස් ඇත්තේ ක්ෂේත්‍ර ගණනාවකටද බලපෑම් එල්ල කරමින්.

තවදුරටත් කියවන්න
ඩොලර් බිලියන 36ක 2030දී අපනයන ආදායමක් ඉලක්ක කර ජාතික අපනයන සැලැස්ම දියත් කෙරේ

ඩොලර් බිලියන 36ක 2030දී අපනයන ආදායමක් ඉලක්ක කර ජාතික අපනයන සැලැස්ම දියත් කෙරේ

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ගමන්මඟේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (National Export Development Plan – NEDP) 2026 ජූනි 16 දින නිල වශයෙන් දියත් කරන ලදී.මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගි වූ අතර, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු රජය නියෝජනය කරන අමාත්‍යවරුන් රැසක් ද එක්ව සිටියහ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.මීට අමතරව, අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) කළමනාකාර අධ්‍යක්ෂ ෂැනන් කෝලින් මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අංශ ආර්ථික විද්‍යාඥ නයිඩා මුක්තාර් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.එමෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඇතුළු නිලධාරීන්, අපනයනකරුවන්, පෞද්ගලික අංශ නියෝජිතයන්, සංවර්ධන හවුල්කරුවන් සහ ආරාධිතයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) යනු 2025 අයවැය යටතේ ශ්‍රී ලංකා රජය හඳුන්වා දී ඇති ප්‍රතිපත්තිමය මඟපෙන්වීමට අනුකූලව, රටේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ අපනයන කේන්ද්‍රීය තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම අරමුණු කරගත් ප්‍රධාන ජාතික වැඩසටහනකි.කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නායකත්වය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති පාදක ණය (Policy Based Lending - PBL) වැඩසටහන මගින් ලබාදුන් තාක්ෂණික සහාය ඇතිව මෙම උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇත.මෙම සැලැස්ම, රජයේ ආයතන, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සමඟ පැවැත්වූ පුළුල් උපදේශන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.‘ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2026–2030’ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වන නිල උපායමාර්ගික රාමුව ලෙස පිළිගැනීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව 2026 මැයි 4 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.රජයේ ජාතික දැක්මට අනුකූලව, ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීම සහ 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කය සපුරා ගැනීම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණ වේ.ශ්‍රී ලංකාව කලාපීය සහ ගෝලීය වෙළෙඳපොළ සඳහා සේවා සපයන තරඟකාරී, සැපයුම් දාම හා දැනුම මත පදනම් වූ අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම මෙම සැලැස්මේ ප්‍රධාන දැක්ම වේ.මෙම උපායමාර්ගික සැලැස්ම ‘තිරස් අංශ’ (Horizontals) සහ ‘ප්‍රමුඛතා අංශ’ (Verticals) යන අන්තර් සම්බන්ධිත ප්‍රධාන කුළුණු දෙකක් වටා ව්‍යුහගත කර ඇති අතර, ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරිත්වය ශක්තිමත් කිරීම, අපනයන විවිධාංගීකරණය සහ තිරසාර වර්ධනය සඳහා අවශ්‍ය පදනම සකස් කරයි.

තවදුරටත් කියවන්න
Micro Cars සභාපති ආචාර්ය ලෝරන්ස් පේරේරාට නවෝත්පාදන හා ජීවිත කාල සම්මාන

Micro Cars සභාපති ආචාර්ය ලෝරන්ස් පේරේරාට නවෝත්පාදන හා ජීවිත කාල සම්මාන

ශ්‍රී ලංකාවේ පුරෝගාමී මෝටර් රථ නිෂ්පාදකයා සහ එකලස් කරන්නා වන මයික්‍රෝ කාර්ස් සමාගම, 2026 ජාත්‍යන්තර මෝටර් රථ කර්මාන්ත සම්මාන උළෙලේදී ද්විත්ව ජයග්‍රහණයක් අත්කර ගනිමින්, ජාතියේ මෝටර් රථ අංශයේ බලවේගයක් ලෙස එහි ස්ථානය තවදුරටත් තහවුරු කරගෙන ඇත.මයික්‍රෝ කාර්ස් සමාගමට “වඩාත් නවෝත්පාදක වාහන එකලස් කරන්නා” සඳහා වන සම්මානය හිමි වූ අතර, සමාගමේ නිර්මාතෘ සහ සභාපති ආචාර්ය ලෝරන්ස් පේරේරා මහතා, ශ්‍රී ලංකාවේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනයට සහ පරිවර්තනයට දශක ගණනාවක් තිස්සේ දැක්වූ දායකත්වය අගයමින් “එකලස් කිරීමේ කර්මාන්තය සඳහා ජීවිත කාල සම්මානය” ලබා ගත්තේය.“වඩාත් නවෝත්පාදක වාහන එකලස් කරන්නා” සම්මානය, තාක්ෂණික නවෝත්පාදනය, උපායමාර්ගික ගෝලීය හවුල්කාරිත්වයන් සහ ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ගැලපෙන නවීන සංචලතා විසඳුම් ලබා දීමට ඇති කැපවීම මගින් දේශීය වාහන එකලස් කිරීම ඉදිරියට ගෙන යාමට මයික්‍රෝ කාර්ස් සමාගම දරන අඛණ්ඩ උත්සාහයන් හඳුනා ගනී.පසුගිය දශක තුන තුළ, මයික්‍රෝ කාර්ස් සමාගම ශ්‍රී ලංකාවේ SKD (Semi Knocked Down) සහ CKD (Completely Knocked Down) එකලස් කිරීමේ කර්මාන්තයේ පුරෝගාමියෙකු වී ඇති අතර, SsangYong, Geely, GWM, BAIC, MG, Chery, Higer සහ Yutong වැනි ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ මෝටර් රථ සන්නාම සමඟ හවුල් වී ඇත.අදාළ සමාගම් සමඟ බලපත්‍රලාභී ගිවිසුම් යටතේ, මයික්‍රෝ කාර්ස් සමාගම මගී මෝටර් රථ, ඉහළ මට්ටමේ SUV රථ, වෑන් රථ සහ සුඛෝපභෝගී බස් රථ ඇතුළු විවිධ වාහන සාර්ථකව එකලස් කර ඇති අතර, ඒවායින් බොහොමයක් මයික්‍රෝ කාර් නාමය යටතේ සන්නාමගත කර ඇත.සමාගමේ නිර්මාතෘ ආචාර්ය ලෝරන්ස් පේරේරා මහතාට පිරිනමන ලද ජීවිත කාල සම්මානය, ශ්‍රී ලංකාවේ මෝටර් රථ එකලස් කිරීමේ අංශය ගොඩනැගීමට සහ පෝෂණය කිරීමට කැප වූ අසාමාන්‍ය වෘත්තියක් අගය කරන කීර්තිමත් ගෞරවයකි.මයික්‍රෝ කාර්ස් සමාගමේ නිර්මාතෘවරයා ලෙස, ආචාර්ය පේරේරා මහතා දේශීය මෝටර් රථ භූ දර්ශනය පරිවර්තනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. ඔහුගේ ව්‍යාපාරික දැක්ම සහ කාර්මික සංවර්ධනය සඳහා වූ අඛණ්ඩ කැපවීම හේතුවෙන් සමාගම ශ්‍රී ලංකාවේ වඩාත් පිළිගත් මෝටර් රථ සන්නාමයක් ලෙස ස්ථාපිත වී ඇත.“මෙම ගෞරවනීය සම්මාන මයික්‍රෝ කාර්ස් සමාගමට පමණක් නොව, ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයටම තීරණාත්මක මොහොතක් සනිටුහන් කරයි. ‘වඩාත් නවෝත්පාදක වාහන එකලස් කරන්නා’ ලෙස පිළිගැනීම අපගේ නවෝත්පාදන, ගුණාත්මකභාවය සහ දේශීය නිෂ්පාදන සංවර්ධනය සඳහා ඇති කැපවීම පිළිබිඹු කරයි,” යනුවෙන් මයික්‍රෝ කාර්ස් සමූහ අධ්‍යක්ෂ (Group Director) අසෙල ලිහිණිකඩුව මහතා පැවසීය.

තවදුරටත් කියවන්න
Entertainment Stories
Explore More
Memory Chips හිඟය නිසා ඇපල් නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසෙයි - ප්‍රධාන විධායක ටිම් කුක්

Memory Chips හිඟය නිසා ඇපල් නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසෙයි - ප්‍රධාන විධායක ටිම් කුක්

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips) සඳහා ලොව පුරා පවතින දැඩි ඉල්ලුම සහ සැපයුම් හිඟය හමුවේ, සිය නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට ඇපල් (Apple) සමාගම සැලසුම් කරමින් සිටින බව එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) ටිම් කුක් (Tim Cook) පවසනවා.'වෝල් ස්ට්‍රීට් ජර්නල්' (Wall Street Joual) පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දී ඇත්තේ, දත්ත මධ්‍යස්ථාන (Data Centers) සඳහා AI තාක්ෂණය භාවිතය ඉහළ යාම හේතුවෙන් ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය කරන සමාගම් අතර පවතින දැඩි තරඟකාරිත්වය හමුවේ මෙම උපාංගවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. පවතින තත්ත්වය හමුවේ මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවත්, පාරිභෝගිකයන් වෙත පැමිණෙන බර අවම කිරීමට සමාගම උපරිම උත්සාහයක් ගත්තද, වත්මන් තත්ත්වය තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවත් හෙතෙම අවධාරණය කළා.එළඹෙන සැප්තැම්බර් මාසයේදී සිය ධුරයේ වගකීම් ජෝන් ටර්නස් (John Teus) වෙත භාරදීමට නියමිත ටිම් කුක් මහතා, මිල ගණන් ඉහළ නංවන නිශ්චිත දිනයක් හෝ ඊට බලපාන නිෂ්පාදන මොනවාදැයි මෙහිදී අනාවරණය නොකළ නමුත්, ඇපල් සමාගම සිය ප්‍රථම නම්‍යශීලී (Foldable) අයිෆෝන් මාදිලිය සහ iPhone 18 Pro සහ Pro Max උපාංග එළඹෙන සැප්තැම්බර් මාසයේදී වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.විශේෂයෙන්ම AI සේවාදායකයන් (AI Servers) සඳහා වැඩි වශයෙන් භාවිත වන 'High-bandwidth memory' (HBM) සඳහා ගෝලීය සැපයුම වෙන් කිරීම නිසා පාරිභෝගික උපාංග සඳහා වන DRAM මතක චිප් වෙළඳපොළ දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඔහු කියා සිටියා.මෙම සැපයුම් අර්බුදයට විසඳුමක් ලෙස ඇපල් සමාගම සතු මූල්‍ය සංචිත භාවිත කරමින් මතක චිප් සැපයුම ඉහළ නැංවීමට සූදානම් වුවද, තමන්ගේම චිප් නිෂ්පාදනාගාර ඉදිකිරීමට කිසිදු සැලසුමක් නොමැති බවත්, ජාතික ආරක්ෂක නීති යටතේ සීමා පනවා ඇති චීන මතක චිප් සමාගම් සමඟ කටයුතු කිරීම ඇතුළු සියලු විකල්ප කෙරෙහි රජයන් අවධානය යොමු කළ යුතු බවත් ඇපල් ප්‍රධාන විධායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

තවදුරටත් කියවන්න
කොළඹ ගුස්ටාව් මාලර් වාද්‍ය වෘන්දය අටවැනි සංවත්සරය සමරයි

කොළඹ ගුස්ටාව් මාලර් වාද්‍ය වෘන්දය අටවැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ බටහිර සම්භාව්‍ය සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොළඹ ගුස්ටාව් මාලර් වාද්‍ය වෘන්දය (Gustav Mahler Orchestra of Colombo - GMOC) මෙවර සිය අටවැනි සංවත්සරය අභිමානයෙන් සමරයි.පසුගිය වසර අටක කාලය තුළ කලාත්මක විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ සංස්කෘතික හුවමාරුව තුළින් ශ්‍රී ලංකාවේ වාද්‍ය වෘන්ද සංගීතය ජාත්‍යන්තර මට්ටමකට ඔසවා තැබීම සඳහා GMOC ඉටු කළ මෙහෙවර සුවිශේෂී වේ.2018 වසරේගුස්ටාව් මාලර් සංගමයේ (Gustav Mahler Society of Colombo - GMSC) අනුග්‍රහයෙන් ආරම්භ වූ මෙම වාද්‍ය වෘන්දය, ලෝක ප්‍රකට සම්භාව්‍ය සංගීත නිර්මාණ ඉහළම ප්‍රමිතියෙන් ශ්‍රී ලාංකේය වේදිකාවට ගෙන ඒමත්, දේශීය සංගීත ක්ෂේත්‍රයේ සංවර්ධනයට දායක වීමත් අරමුණු කරගනිමින් බිහි විය. අද වන විට එම දැක්ම සාර්ථකව යථාර්ථයක් බවට පත්ව තිබේ.ආරම්භයේදී ජාතික මට්ටමේ වාද්‍ය වෘන්දයක් ලෙස ක්‍රියාත්මක වූ GMOC, අද වන විට ශ්‍රී ලංකාව ඇතුළු ලොව විවිධ රටවල දක්ෂ සංගීතඥයන් එක්වන ජාත්‍යන්තර වාද්‍ය වෘන්දයක් බවට පත්ව ඇත. විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණෙන කලාකරුවන්ගේ මෙම එකමුතුව ජාත්‍යන්තර මිත්‍රත්වය, සංස්කෘතික හුවමාරුව සහ සංගීතමය විශිෂ්ටත්වය නියෝජනය කරයි.ලෝක පූජිත සංගීතවේදීගුස්ටාව් මාලර්ගේ අතිවිශිෂ්ට සංධ්වනි (Symphony) නිර්මාණ ශ්‍රී ලංකාවේ සහ කලාපීය මට්ටමින් ප්‍රථම වරට ඉදිරිපත් කරමින්, GMOC දකුණු ආසියාවේ මාලර් සංගීතය ප්‍රචලිත කිරීමේ ප්‍රමුඛ බලවේගයක් බවට පත්ව තිබේ.එමෙන්ම, ශ්‍රී ලාංකේය සංගීත රචකයන්ගේ නිර්මාණ ප්‍රවර්ධනය කිරීම සඳහා නව කෘති ඇණවුම් කිරීම, ප්‍රථම වරට ප්‍රදර්ශනය කිරීම සහ ජාත්‍යන්තර සම්භාව්‍ය සංගීත වේදිකාවට දේශීය අනන්‍යතාව රැගෙන යාම සඳහා ද GMOC අඛණ්ඩව කැපවී සිටී.ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රසංග සංචාරයක් සාර්ථකව නිම කළ ප්‍රථම සහ එකම වාද්‍ය වෘන්දය වීම ද GMOC සතු තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.මෙම සාර්ථක ගමනේ ප්‍රධාන නියමුවා වන්නේ GMOC හි ප්‍රධාන සංගීත අධ්‍යක්ෂක සහ ප්‍රධාන මෙහෙයවන්නා වනශ්‍රීමාල් වීරසිංහ මහතාය. ඔහුගේ දූරදර්ශී නායකත්වය, කලාත්මක දැක්ම සහ විශිෂ්ටත්වය වෙනුවෙන් වූ කැපවීම හේතුවෙන් මෙම වාද්‍ය වෘන්දය ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවයට පාත්‍ර වූ සංස්කෘතික ආයතනයක් බවට පත්ව ඇත.“කොළඹ ගුස්ටාව් මාලර් වාද්‍ය වෘන්දය සිය අටවැනි සංවත්සරය සමරන්නේ අතීත ජයග්‍රහණ පිළිබඳ අභිමානයෙන් මෙන්ම අනාගතය පිළිබඳ දැඩි විශ්වාසයකින් සහ සුබවාදී බලාපොරොත්තු සමඟයි,” යනුවෙන් සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 

තවදුරටත් කියවන්න
ෆේස්බුක් සඳහා නව විශේෂාංග කිහිපයක් මෙටා සමාගමෙන්

ෆේස්බුක් සඳහා නව විශේෂාංග කිහිපයක් මෙටා සමාගමෙන්

පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ වේදිකාව හරහා වඩාත් පහසුවෙන් සම්බන්ධ වීම සඳහා උපකාරී වන කෘතිම බුද්ධිය (AI) මගින් ක්‍රියාත්මක වන නව විශේෂාංග රැසක් මෙටා සමාගම විසින් ෆේස්බුක් වෙත හඳුන්වා දී තිබෙනවා.මෙම නව එකතු කිරීම් අතර 'AI Mode' ප්‍රමුඛ වන අතර, මෙය මෙටා AI (Meta AI) මගින් ක්‍රියාත්මක වන සෙවුම් (Search) පහසුකමක්.එමගින් ෆේස්බුක් ගෲප් සහ රීල්ස් ඇතුළු මෙටා සමාගමට අයත් වේදිකාවල ප්‍රසිද්ධියේ බෙදාගෙන ඇති (Publicly shared) අන්තර්ගතයන් මත පදනම්ව ක්‍රියාත්මක වෙනවා.සාම්ප්‍රදායික සෙවුම් ප්‍රතිඵල පමණක් පෙන්වනවා වෙනුවට, සැබෑ පරිශීලකයින්ගේ අදහස්, මතයන් සහ නිර්දේශ ලබා දීමට මෙම 'AI Mode' විශේෂාංගය සැලසුම් කර ඇති බව සඳහන්.මෙටා සමාගම ප්‍රකාශ කර ඇත්තේ, තම ඇප්ස් (Apps) හරහා ප්‍රසිද්ධියේ හුවමාරු වන සංවාද සහ අත්දැකීම් පිළිබිඹු වන පරිදි ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම විශේෂාංගය මගින් AI තාක්ෂණය භාවිත කරන බවයි.එමෙන්ම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම වඩාත් සරල කිරීම සඳහා කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන නව නිර්මාණශීලී මෙවලම් ද (Creative tools) සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා.මීට කොලාජ් ටෙම්ප්ලේට් (Collage templates), ස්වයංක්‍රීය වීඩියෝ මොන්ටාජ් (Automated video montages) සහ ට්‍රාන්සිශන් ඉෆෙක්ට්ස් (Transition effects) ඇතුළත්, යාවත්කාලීන කරන ලද 'කැමරා රෝල් ශෙයාරිං' (Camera roll sharing) ඇතුළත්. මේවා මගින් පරිශීලකයින්ට තම ඡායාරූප සහ වීඩියෝ පහසුවෙන් බෙදාගත හැකි අන්තර්ගතයන් බවට පත් කරගත හැකියි.මෙටා සමාගමට අනුව, මෙම 'කැමරා රෝල් ශෙයාරිං' යෝජනා ක්‍රමය අනිවාර්ය නොවන (Optional) අතර ඕනෑම වේලාවක එය අක්‍රිය (Disable) කිරීමේ හැකියාව ද පවතිනවා.මීට අමතරව, ෆේස්බුක් පරිශීලකයින්ට ඡායාරූපවල ඇති ඇඳුම් පැළඳුම්, කොණ්ඩා මෝස්තර සහ උපාංග (Accessories) ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වෙනස් කිරීමට ඉඩ සලසන නව 'AI එඩිටිං' (AI editing) විශේෂාංග ද හිමි වනු ඇති.ක්‍රීඩා ලෝලීන්ට ද ස්ටෝරීස් (Stories) සහ ප්‍රොෆයිල් පික්චර්ස් (Profile pictures) සඳහා ලබා දී ඇති AI මෙවලම් භාවිතයෙන්, තමන් කැමති ක්‍රීඩා කණ්ඩායම්වල නිල ඇඳුම් (Jerseys) සහ වෙනත් තේමාත්මක ඇඳුම් ඩිජිටල් ලෙස හැඳින්වීමේ හැකියාව ලැබෙන බව සඳහන්.ෆේස්බුක් අත්දැකීම තුළ කෘතිම බුද්ධිය උපරිමයෙන් භාවිත කරමින්, පරිශීලකයින්ට තොරතුරු සොයා ගැනීමට, නිර්මාණශීලිත්වය ප්‍රකාශ කිරීමට සහ අන්තර්ගතයන් බෙදා ගැනීමට පහසු කිරීම මෙම යාවත්කාලීන කිරීම්වල අරමුණ බව මෙටා සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.මෙම නව විශේෂාංග මේ වන විට ෆේස්බුක් පරිශීලකයින් වෙත ක්‍රමයෙන් නිකුත් කරමින් පවතිනවා._විදෙස් මාධ්‍ය_

තවදුරටත් කියවන්න
ඉලොන් මස්ක් ලොව පළමු ඩොලර් ට්‍රිලියනයපතියා වෙයි

ඉලොන් මස්ක් ලොව පළමු ඩොලර් ට්‍රිලියනයපතියා වෙයි

ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක වත්කම් සතු එකම පුද්ගලයා බවට පත්වෙමින් ඓතිහාසික වාර්තාවක් තැබීමට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඉලොන් මස්ක් (Elon Musk) සමත්ව තිබෙනවා.ඔහුට අයත් ප්‍රධානතම අභ්‍යවකාශ සහ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ සමාගමක් වන 'SpaceX' සමාගම නිල වශයෙන් වෝල් ස්ට්‍රීට් (Wall Street) කොටස් වෙළඳපොළ වෙත පිවිසීමත් සමඟ ඉලොන් මස්ක් මෙලෙස ලොව පළමු ට්‍රිලියනපතියා ලෙස ඉතිහාසගත වන බව ඒ අනුව, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට (Bloomberg Billionaires Index) අනුව මෙම කොටස් නිකුතුවට පෙර ද ලොව ප්‍රථම ධනවතා ලෙස පසු වූ මස්ක් සතු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 696ක් පමණ වූ අතර, නව කොටස් වෙළඳපොළ ක්‍රියාවලියත් සමඟ ඔහුගේ ධනය මින් පෙර කිසිවෙකු ළඟා නොවූ සීමාවක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.'SpaceX' සමාගම අමෙරිකානු නස්ඩැක් (Nasdaq) කොටස් වෙළඳපොළ වෙත මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) ලෙස ඉදිරිපත් කර ඇත්තේ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.77ක දැවැන්ත වටිනාකමකට යටත් වෙමින්.එහිදී සමාගමේ එක් කොටසක් ඩොලර් 135 බැගින් කොටස් මිලියන 555.6ක් විකිණීමට කටයුතු යොදා ඇති අතර, මෙම සමාගම තුළ ඉලොන් මස්ක් සතු කොටස් ප්‍රතිශතය සියයට 42ක් පමණ වෙනවා. ඒ අනුව, මෙම නව කොටස් නිකුතුව හරහා පමණක් මස්ක් සතු වත්කම්වලට තවත් ඩොලර් බිලියන 743ත් 866.5ත් අතර අතිරේක වටිනාකමක් එකතු වන බැවින්, කොටස් වෙළඳපොළ කටයුතු අවසන් වීමට පෙර ඔහු නිල වශයෙන්ම ට්‍රිලියනපතියෙකු ලෙස සිය සාර්ථකත්වය සනිටුහන් කරනු ඇති.අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් යනු මිනිස් මනසට සිතාගත නොහැකි තරම් අතිදැවැන්ත මුදල් කන්දරාවක් වන අතර, බ්‍රිතාන්‍යයේ 'ඔක්ස්ෆෑම්' (Oxfam) සංවිධානය පෙන්වා දෙන්නේ යමෙකු දිනකට ඩොලර් මිලියනය බැගින් වියදම් කළද, ඩොලර් ට්‍රිලියනයක් සම්පූර්ණයෙන්ම වියදම් කර අවසන් කිරීමට වසර 2,740ක් වැනි දීර්ඝ කාලයක් ගතවන බවයි. දැනට ලොව දෙවැනි ධනවතා වන ගූගල් සමාගමේ සම-නිර්මාතෘ ලැරී පේජ් (වත්කම ඩොලර් බිලියන 304) මෙන් තුන් ගුණයකට වඩා වැඩි වත්කමකට දැන් ඉලොන් මස්ක් හිමිකම් කියයි. ආර්ථික ඉතිහාසඥයින් පවසන පරිදි, 19 වැනි සහ 20 වැනි සියවස්වල ඇමරිකාවේ කාර්මික යුගය බිහි කළ ජෝන් ඩී. රොකෆෙලර් (ඇමරිකානු දේපළවලින් 1.5%) හෝ ඇන්ඩෲ කානගී වැනි මහා ධන කුවේරයන්ට පවා නොතිබූ පරිමාණයේ ධනයක් මස්ක් සතු වන අතර, ඔහුගේ වත්මන් වත්කම සමස්ත ඇමරිකානු දේපළවලින් (US GDP) සියයට 3කට පමණ සමාන වෙනවා.ඒ අනුව, ඉතිහාසයේ ජීවත් වූ රජවරුන් සහ අධිරාජ්‍යයන් හැරුණු විට ලොව බිහිවූ සුවිශේෂීම සහ වැඩිම වත්කම්ලාභී පුද්ගලයා ලෙස ඉලොන් මස්ක් සැලකිය හැකි බව ආර්ථික විද්‍යා මහාචාර්යවරු පෙන්වා දෙනවා.කෙසේ වුවද, අතීතයේ සිටි ධන කුවේරයන් මෙන්ම ඉලොන් මස්ක් ද වත්මන් සමාජය තුළ දැඩි කතාබහට සහ විවේචනයට ලක්වන චරිතයක්. විශේෂයෙන්ම ඇමරිකානු දේශපාලනයට සෘජුවම මැදිහත් වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට දැවැන්ත සහයෝගයක් ලබා දුන් ඔහු, වත්මන් රජයේ රාජ්‍ය වියදම් සහ වංචා කප්පාදු කිරීමේ කමිටුවල ද ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. එසේම, 2022 වසරේදී ට්විටර් (වත්මන් X) සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීමෙන් පසු විවිධ දේශපාලන මතවාද ප්‍රසිද්ධ කිරීමට එය පෞද්ගලික මෙවලමක් ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වෙනවා.මීට අමතරව, අතීතයේ සිටි බිලියනපතියන් සිය ධනයෙන් වැඩි ප්‍රමාණයක් පුස්තකාල, රෝහල් සහ විශ්වවිද්‍යාල ඉදිකිරීම වැනි පොදු සුභසාධන කටයුතු සඳහා පරිත්‍යාග කළද, ඉලොන් මස්ක් විසින් සිදුකරන පරිත්‍යාග බොහොමයක් ඔහුගේම ව්‍යාපාරික අරමුණු සමඟ බද්ධ වී ඇති බවට ද විචාරකයින් පෙන්වා දෙනවා.කෙසේ වෙතත්, කොටස් වෙළඳපොළේ පවතින උච්චාවචනයන් හමුවේ වත්කම්වල අගයන් ඕනෑම වෙලාවක වෙනස් විය හැකි වුවද, මස්ක් අත්කරගෙන ඇති මෙම මූල්‍ය ජයග්‍රහණය ගෝලීය ආර්ථික ඉතිහාසයේ නොමැකෙන සන්ධිස්ථානයක් වනු ඇති.මුලාශ්‍රය: Al Jazeera

තවදුරටත් කියවන්න
දෙමළ සිනමාවේ සුපිරි හාස්‍යෝත්පාදක නළු යෝගී බාබු නවතම චිත්‍රපටයක රූගත කිරීම් සඳහා ලංකාවට පැමිණෙයි!

දෙමළ සිනමාවේ සුපිරි හාස්‍යෝත්පාදක නළු යෝගී බාබු නවතම චිත්‍රපටයක රූගත කිරීම් සඳහා ලංකාවට පැමිණෙයි!

කොලිවුඩ් හෙවත් ඉන්දීය දෙමළ සිනමාවේ සුවිශේෂී ජනප්‍රියත්වයක් උසුලන සුපිරි හාස්‍යෝත්පාදක නළුවෙකු වන යෝගී බාබු සිය නවතම චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු වෙනුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව සිනමා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.දෙමළ සිනමාවේ බ්ලොක්බස්ටර් සිනමාපට රැසක ප්‍රධාන මෙන්ම කැපී පෙනෙන හාස්‍යෝත්පාදක චරිත නිරූපණය කරමින් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් මෙම දක්ෂ රංගන ශිල්පියා, ලංකාව තුළ ආරම්භ කර ඇති නවතම සිනමා නිෂ්පාදනයේ රූගත කිරීම් ඉලක්ක කරගනිමින් මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.

තවදුරටත් කියවන්න
'Scooby-Doo Origins' ටෙලිමාලාව ගැන අලුත්ම තොරතුරු රැසක් එළියට

'Scooby-Doo Origins' ටෙලිමාලාව ගැන අලුත්ම තොරතුරු රැසක් එළියට

නෙට්ෆ්ලික්ස් (Netflix) සේවාව ඔස්සේ 2027 වසරේදී විකාශනය වීමට නියමිත 'Scooby-Doo: Origins' සජීවීකරණ ටෙලි වෘතාන්තය පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අතිශය රසවත් තොරතුරු රැසක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.වසර 50කට අධික ස්කූබි-ඩූ ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මෙතෙක් කාටූන් හෝ පරිගණක සජීවීකරණ (CGI) මඟින් අප දුටු 'ස්කූබි-ඩූ' චරිතය වෙනුවට, සැබෑ සුනඛයෙකු මෙම චරිතය සඳහා යොදාගන්නා ප්‍රථම අවස්ථාව මෙය වීම සුවිශේෂී කරුණකි. නිකුත් වූ නවතම පූර්ව ප්‍රචාරක පටයට අනුව, සිය ප්‍රකට නිල්-කොළ පැහැති කරපටිය (Teal collar) පැළඳි මෙම සුනඛ පැටවා සහ ඔහුගේ හොඳම මිතුරා වන 'ෂැගී' (Shaggy) වනාන්තරයක් තුළදී ප්‍රථම වරට මුණගැසෙන ආකාරය ඉතාම ආකර්ෂණීය ලෙස නිරූපණය කර තිබෙනවා.මෙම ටෙලිමාලාව සඳහා දායක වන ප්‍රධාන නළු නිළි මඬුල්ල ද මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව:ෂැගී (Shaggy Rogers) - ටැනර් හේගන් (Tanner Hagen)ඩැෆ්නි (Daphne Blake) -මැකෙන්නා ග්‍රේස් (Mckenna Grace)වෙල්මා (Velma Dinkley) - ඇබී රයිඩර් ෆෝර්ට්සන් (Abby Ryder Fortson) ෆ්‍රෙඩ් (Fred Jones) - මැක්ස්වෙල් ජෙන්කින්ස් (Maxwell Jenkins) යන යොවුන් නළු නිළියන් විසින් චරිත සඳහා පණ පොවනු ලබනවා.මීට අමතරව ප්‍රසිද්ධ නළු පෝල් වෝල්ටර් හවුසර් (Paul Walter Hauser) ද මෙහි රංගනයෙන් එක්වනවා.කථා පුවතට අනුව, ෂැගී සහ ඩැෆ්නි ඔවුන්ගේ ගිම්හාන කඳවුරක ගත කරන අවසන් සමයේදී, අද්භූත මිනීමැරුමකට සාක්ෂිකරුවෙකු වූ අසරණ ග්‍රේට් ඩේන් (Great Dane) සුනඛ පැටවෙකු ඔවුන්ට හමුවනවා. ඉන් අනතුරුව වෙල්මා සහ කණ්ඩායමට අලුතින් එකතු වන ෆ්‍රෙඩ් සමඟ එක්ව, ඔවුන් මුහුණ දෙන පළමු බිහිසුණු අභිරහස විසඳීමටත්, එමඟින් 'Mystery Inc.' කණ්ඩායම නිර්මාණය වන ආකාරයත් මෙහිදී දිගහැරෙනු ඇත.ප්‍රකට 'Hanna-Barbera' කාටූන් චරිත ඇසුරින් නිර්මාණය වන මෙම දැවැන්ත ව්‍යාපෘතියේ නිෂ්පාදන කටයුතු පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකාවේ ඇට්ලන්ටා නුවරදී ආරම්භ වූ අතර, ජොෂ් ඇපල්බෝම්, ස්කොට් රොසෙන්බර්ග් සහ ග්‍රෙග් බර්ලන්ටි ඇතුළු ප්‍රකට හොලිවුඩ් සිනමාකරුවන් පිරිසක් මෙහි විධායක නිෂ්පාදනයෙන් දායක වනවා.

තවදුරටත් කියවන්න
ඇපල් සමාගමෙන් Siri වෙනුවට Generative AI තාක්ෂණයෙන් බලගැන්වුණු'Siri AI' හඳුන්වා දෙයි

ඇපල් සමාගමෙන් Siri වෙනුවට Generative AI තාක්ෂණයෙන් බලගැන්වුණු'Siri AI' හඳුන්වා දෙයි

ලෝක ප්‍රකට ඇපල් (Apple) සමාගම සිය, මෙතෙක් පැවති සාමාන්‍ය 'Siri' හඬ සහායකයා සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කරමින් වඩාත් දියුණු සහ පුද්ගලාරෝපිත කෘතිම බුද්ධි තාක්ෂණයෙන් යුත් 'Siri AI' නිල වශයෙන් හඳුන්වා දී ඇති බව වාර්තා වෙනවා.නව 'Siri AI' පද්ධතිය Generative AI සහ මහා පරිමාණ භාෂා ආකෘති (LLMs) මත පදනම්ව නිපදවා ඇති අතර, එමඟින් පරිශීලකයාගේ පෙර සන්නිවේදනයන් සහ සන්දර්භය (Context) මනාව වටහා ගනිමින් වඩාත් ස්වාභාවික ලෙස සංවාද පැවැත්වීමේ හැකියාව පවතිනවා.විශේෂයෙන්ම ඔබගේ අයිෆෝන් (iPhone), මැක් (Mac) හෝ අයිපෑඩ් (iPad) උපාංග තුළ ඇති විවිධ ඇප්ස් (Apps) එකිනෙක සම්බන්ධ කරමින්, සංකීර්ණ විධාන (Complex tasks) ඉතා කෙටි කාලයකින් ස්වයංක්‍රීයව සිදු කිරීමට මෙයට හැකි බවයි ඇපල් සමාගම පවසන්නේ.කෙසේ වෙතත්, මෙම දැවැන්ත AI නවීකරණයත් සමඟ පරිශීලකයින්ගේ පෞද්ගලික දත්තවල ආරක්ෂාව (User Privacy) සම්බන්ධයෙන් ජාත්‍යන්තර තාක්ෂණික විචාරකයින් සහ ආරක්ෂක විශ්ලේෂකයින් දැඩි කනස්සල්ලක් සහ ප්‍රශ්න කිරීම් මතුකර තිබෙනවා.ඊට පිළිතුරු දෙමින් ඇපල් සමාගම අවධාරණය කරන්නේ 'Siri AI' හරහා සිදුවන බොහෝ දත්ත සැකසුම් (Data processing) උපාංගය තුළදීම (On-device) සිදුවන බවත්, වලාකුළු පද්ධතිය (Cloud) වෙත යන දත්ත ද දැඩි ලෙස සංකේතනය (End-to-end encrypted) කර ආරක්ෂා කරන බවයි.වේගයෙන් දියුණු වන කෘතිම බුද්ධි වෙළෙඳපොළ තුළ මයික්‍රොසොෆ්ට් සහ ගූගල් සමාගම් වෙතින් එල්ල වන දැඩි තරගයට සාර්ථකව මුහුණ දීම සඳහා ඇපල් සමාගම තැබූ මෙම නවතම පියවර තාක්ෂණික ලෝකයේ දැවැන්ත පෙරළියක් වනු ඇති බවටද අනාවැකි පළ කරනවා.

තවදුරටත් කියවන්න
බාල වයස්කරුවන්ගේ උපාංගවලින් නිරුවත් දර්ශන තහනම් කරන්න: බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත ඉල්ලීමක්

බාල වයස්කරුවන්ගේ උපාංගවලින් නිරුවත් දර්ශන තහනම් කරන්න: බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත ඉල්ලීමක්

වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවන් භාවිත කරන ස්මාර්ට් දුරකථන සහ අනෙකුත් ස්මාර්ට් උපාංග හරහා නිරුවත් හෝ අසභ්‍ය දර්ශන නැරඹීම, ඡායාරූප ගැනීම සහ ඒවා හුවමාරු කර ගැනීම අවහිර කරන ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් ඇපල් (Apple) සහ ගූගල් (Google) වැනි ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම්වලින් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ලන්ඩන් තාක්ෂණික සතිය (London Tech Week) අමතමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාමර්, තාක්ෂණික සමාගම් වෙත දන්වා සිටියේ, ළමයින් ලිංගිකමය වශයෙන් පැහැදිලි දර්ශන නැරඹීම හෝ යැවීම වැළැක්වීම සඳහා උපාංගවල දැනටමත් පවතින ආරක්ෂිත විශේෂාංග සක්‍රිය කරන ලෙස හෝ ඒ සඳහා නව මෘදුකාංග යාවත්කාලීන කිරීම් (Software Updates) හඳුන්වා දෙන ලෙස ඉල්ලා තිබෙනවා."මෙය කළ නොහැකි අභියෝගයක් නෙවෙයි. මේවා ලෝකයේ තිබෙන වඩාත්ම නව්‍යකරණයෙන් පිරිච්ච සමාගම්. මම විශ්වාස කරනවා ඔවුන්ට මේ ගැටලුව විසඳන්න පුළුවන් කියලා," යැයි අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.තාක්ෂණික සමාගම් ඉදිරි මාස තුන ඇතුළත ස්වේච්ඡාවෙන් මෙම පියවර ගැනීමට අපොහොසත් වුවහොත්, ඒ සඳහා ඔවුන්ට බල කෙරෙන නව නීති පැනවීමට රජය කටයුතු කරන බව ද බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර තිබෙනවා.නීතියට අනුගත නොවන සමාගම්වලට එරෙහිව විශාල මූල්‍ය දඩ පැනවීමට හෝ අවසාන පියවරක් ලෙස සාපරාධී වගකීම් (Criminal Liability) යටතේ නීතිමය පියවර ගැනීමට ද එමඟින් ප්‍රතිපාදන සැලසෙන බවයි එම වාර්තාවේ සඳහන්.අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, මෙම වෙනස්කම් බ්‍රිතාන්‍යය තුළ දැනට භාවිත වන මෙන්ම අලුතින් අලෙවි කරනු ලබන සියලුම ස්මාර්ට් දුරකථන සහ ටැබ්ලට් (Tablets) උපාංග සඳහා අදාළ වන බවයි.මූලාශ්‍රය - බීබිසී

තවදුරටත් කියවන්න
Hiru TV News | Programmes
////////////////////////////////////////////////ON 2025-10-9 valible milan closed ///////////////////////////////////////