Top Story
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 7ක් සපිරීමට සමගාමීව වින්දිතයන් සැමරීමේ වැඩසටහනක් අද (21) පැවැත්වෙන බව ජාතික කතෝලික සභාව පවසනවා. ඒ අනුව මෙම වැඩසටහනේ ප්‍රධාන සැමරුම අද පෙරවරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේදී පැවැත්වෙන්නේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ඇන්ටන් රංජිත් සහයක රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින්, විදෙස් තානාපතිවරුන්, වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් ද එක්වීමට නියමිතයි. මීට අමතරව සෑම දේවස්ථානයකම පෙරවරු 8. 45 ට මළවුන්ගේ සීනුව නාද කිරීම සහ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ඇති. පෙරවරු 8.47 ට ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන් දල්වා යාඥා මෙහෙයන්ද සෑම දේවස්ථානයකම සිදුකිරීමට නියමිතයි. එමෙන්ම, මීගමුව - කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පෙරවරු 7.30 ට දිව්‍ය පූජාවක් පවත්වා සිහිවටන ස්මාරකය අසළදී ඉටිපහන් දැල්වීමක් සිදුකෙරෙනවා.මීට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය නිමිත්තෙන් යැදුම් පාගමනක්ද සංවිධාන කර ඇති අතර එය පස්වරු 4 ට මාරිස්ටෙලා විදුහල් ක්‍රිඩාංගණයෙන් ආරම්භ වී කටුවාපිටිය දේවස්ථාන පරිශ්‍රය දක්වා ගමන් කිරීමට නියමිතයි. එමෙන්ම කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවත්වෙන ප්‍රධාන දේව මෙහෙයට සමගාමීව අද උදෑසන 7.00 සිට එම කටයුතු අවසන් වනතෙක් දේවස්ථානය අවට මාර්ගවල අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බවයි පොලීසිය නිවේදනය කළේ.
තවදුරටත් කියවන්න
General21 April 2026 6:46 AM
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 07යි - ප්‍රධාන සැමරුම කොච්චිකඩේ දේවස්ථානයේදී


International News

ඉරාන සටන් විරාමය අවසන් වීමේ අවදානමක්: ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

International 21 April 2026
ඉරාන සටන් විරාමය අවසන් වීමේ අවදානමක්: ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

දකුණු ආසියානු සංක්‍රමණිකයින්ට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පෙන්වා කරන ජාවාරමක්

International 21 April 2026
දකුණු ආසියානු සංක්‍රමණිකයින්ට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පෙන්වා කරන ජාවාරමක්

දකුණු කොරියානු ජනපති ඉන්දියාවට

International 20 April 2026
දකුණු කොරියානු ජනපති ඉන්දියාවට

අමෙරිකාව සමඟ සාම සාකච්ඡාවලට එක්වීමට ඉරානයේ අවධානය

International 20 April 2026
අමෙරිකාව සමඟ සාම සාකච්ඡාවලට එක්වීමට ඉරානයේ අවධානය

එක්සත් අරාබි එමීරයේදී ඉරාන ත්‍රස්ත කල්ලියක් අත්අඩංගුවට

International 20 April 2026
එක්සත් අරාබි එමීරයේදී ඉරාන ත්‍රස්ත කල්ලියක් අත්අඩංගුවට

ඉරානය සමඟ ගිවිසුම අදම අත්සන් කළ හැකියි: ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

International 20 April 2026
ඉරානය සමඟ ගිවිසුම අදම අත්සන් කළ හැකියි: ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ මුර සංචාරක පොලිස් ප්‍රධානී ධුරය අත්හරී

International 20 April 2026
යුක්‍රේනයේ මුර සංචාරක පොලිස් ප්‍රධානී ධුරය අත්හරී

අනතුරු ඇඟවීම් නොතකා යාත්‍රා කළ ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ඇමරිකාවෙන් ප්‍රහාරයක්

International 20 April 2026
අනතුරු ඇඟවීම් නොතකා යාත්‍රා කළ ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ඇමරිකාවෙන් ප්‍රහාරයක්

අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට එකඟ වූ කතාව ඉරානය ප්‍රතික්ෂේප කරයි

International 19 April 2026
අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට එකඟ වූ කතාව ඉරානය ප්‍රතික්ෂේප කරයි

අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් ළමුන් 8ක් මරුට

International 19 April 2026
අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් ළමුන් 8ක් මරුට

අමෙරිකාව සමඟ සාකච්ඡාවට ඉරාන නියෝජිත පිරිසක් අඟහරුවාදා පාකිස්ථානයට

International 19 April 2026
අමෙරිකාව සමඟ සාකච්ඡාවට ඉරාන නියෝජිත පිරිසක් අඟහරුවාදා පාකිස්ථානයට

ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

International 19 April 2026
ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

මැලේසියාවේ හදිසි ගින්නකින් නිවාස 200ක් විනාශයි

International 19 April 2026
මැලේසියාවේ හදිසි ගින්නකින් නිවාස 200ක් විනාශයි

ඉන්දීය උප ජනපති අද පෙරවරුවේ දිවයිනට

International 19 April 2026
ඉන්දීය උප ජනපති අද පෙරවරුවේ දිවයිනට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානයෙන් තීරණයක්

International 18 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානයෙන් තීරණයක්
More News
General20 April 2026

කොළඹට ගංජා බෙදන රහස් ජාලයක් ඇඹිලිපිටියෙන් හෙළිවෙයි

ඇඹිලිපිටිය කණමැදිරිආර ප්‍රදේශයේ පොල් වගා ඉඩමක් තුළ රහසිගත ලෙස පවත්වාගෙන ගිය අක්කර 02ක ගංජා හේනක් වැටලීමට කුට්ටිගල පොලිසිය සමත්ව තිබෙනවා.කුට්ටිගල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද පුද්ගලික තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.වැටලීම සිදුකරන අවස්ථාවේ එහි වැඩ කරමින් සිටි සැකකරු පළාගොස් ඇති අතර පළාගිය සැකකරු මේ වන විට හඳුනාගෙන තිබෙනවා.අත්අඩංගුවට පත් ගංජා අතුරින් අධිකරණයට ඉදිරිපත් කිරිමට සාම්පල ලබා ගැනිමෙන් අනතුරුව ඉතිරි ප්‍රමාණය ගලවා ගිනි තැබීමට පියවර ගත්තා.ගංජා හේන පවත්වාගෙන ගිය පොල් ඉඩම මිද්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බවත්,ඔහු දිවයිනේ ප්‍රසිද්ධ ගංජා ජාවාරම්කරුවෙකුගේ සහෝදරයෙකු බවත් අනාවරණය වී තිබෙනවා.ඉඩමේ හිමිකරු කලක් තිස්සේ විවිධ ප්‍රදේශවල මෙලෙස වෙනත් වගාවන් කරන මුවාවෙන් ගංජා වගා කර කොළඹ ප්‍රදේශයට තොග වශයෙන් බෙදාහැරීමේ ජාවාරමේ නිරතව ඇති බවද අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ. හෙට (21) වැනිදා සැකකරුවන් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

තවදුරටත් කියවන්න
කොළඹට ගංජා බෙදන රහස් ජාලයක් ඇඹිලිපිටියෙන් හෙළිවෙයි
General20 April 2026

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අවට හෙට විශේෂ රථවාහන සැලැස්මක්

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසර 07ක් සපිරීම නිමිත්තෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ හෙට (21) පැවැත්වෙන විශේෂ දේව මෙහෙයට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.මෙම රථවාහන සැලැස්ම හෙට (21) උදෑසන 07:00 සිට දේව මෙහෙය අවසන් වන තෙක් ක්‍රියාත්මක වීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.දේව මෙහෙය පැවැත්වෙන කාලසීමාව තුළ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අවට මාර්ගයන්හි රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කිරීමට කටයුතු කෙරෙන බවයි එම නිවේදනයෙන් සඳහන් වන්නේ.2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් වූවන් සිහිපත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් ආශිර්වාද පතා මෙම විශේෂ සැමරුම් දේව මෙහෙය සංවිධානය කර තිබෙනවා.

තවදුරටත් කියවන්න
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අවට හෙට විශේෂ රථවාහන සැලැස්මක්
General20 April 2026

ජනාධිපතිවරයා තුන්පාරක් ඇමති කුමාර ජයකොඩිව රැක්කා: නාමල්

නාධිපතිවරයා පාර්ලිමේන්තුවට තුන් පාරක් ඇවිත් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිව රැක්ක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (20) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති නව අවුරුද්දේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍යවේදීන් ඇමතු අවස්ථාවේ දී .මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේ ද පැවසුවා. දැන් කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තියෙනවා කියලා ජනාධිපතිවරයා ඇවිල්ල පාර්ලිමේන්තුවේ කිව්වනේ. හැබැයි අද වෙනකොට මොකක්ද වෙන්නේ එක පැත්තකින් ගල් අඟුරු වංචාව, අනික් පැත්තෙන් පුනර්ජනනීය විදුලිය වහලා. පුනර්ජනනීය විදුලිය උත්පාදනය කරන ආයතන වහල දාලා තනිකර ඩීසල් මාෆියාව මේ රටේ අරගෙන යන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒක තමයි මේ ආණ්ඩුවේ සැලැස්ම. ඒ වංචාව පිළිබඳවත් ඉදිරි කාලසීමාවේ රට දැන ගනීවි .දැන් අපි බලාගෙන ඉන්නවා සාධාරණව පරීක්ෂණයක් සිද්ධ වෙනවද කියලා පැහැදිලිවම මේ ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන්. රට දැනගෙන ඉන්නවා විගණකාධිපතිවරිය ගේ වාර්තාව දිහා බැලුවම ඒක වංචාවක් බව පේනවා. ඒ වගේම තමයි ගල් අඟුරු සම්බන්ධයෙන් ලැබ් රිපෝට් එක ගත්තත් බොරු වාර්තාවක් දීලා තියෙන්නේ. ඉතින් මේවා හංගන්න බෑ හැබැයි දැන් අපි බලන් ඉන්නවා ඇමතිවරයා ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබීනට් මණ්ඩලය ඒ වගකීම බාරගන්නවද එහෙම නැත්තං ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වුණු නිලධාරීන් මත වරද දාලා නිලධාරීන්ව අස් කරල දානවද කියල. කලින් අපි දැක්කනේ එහෙම වෙනවා දැන් බන්ධනාගාර කොමසාරිස්වරයා අස් කරා. හැබැයි මානව හිමිකම් එකෙන් එතුමාට සාධාරණයක් ඉෂ්ඨ වුණා. ඒකෙන් ඇමැතිවරයාගේ ආණ්ඩුවේ වැරදි වහගන්න නිලධාරීන්ගේ පිට වැරදි පටවනවා අවසානයේ මොකක්ද වෙන්නේ. අපි බලන් ඉන්නවා ජනාධිපතිවරයා මේකට වගකියන්න ඕන. ජනාධිපතිවරයා පත්කරේ මෙයාව දැන දැනමයි. ඒ විතරද පාර්ලිමේන්තුවට ඇවිල්ලා තුන්පාරක් ආරක්ෂා කරානේ ජනාධිපතිවරයා මේ ඇමතිවරයාව. ආණ්ඩුවේ 153 දෙනෙක් ඡන්ද දීලා ඇමතිවරයා ආරක්ෂා කළා. පාර්ලිමේන්තුවේ දවසක් වාද විවාද කරලා ඡන්දෙ දුන්නා. දැන් අපි බලන් ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා නිලධාරීන්ගේ පිට දානවද නැත්නම් ආණ්ඩුව බාරගන්නවද කියලා. වරදක් වෙලා තියෙනවද කියලා දැන් පැහැදිලියිනේ. ඔව් දැන් අපි බලන් ඉන්නවා මේ ආණ්ඩුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවද කියලා පොලිස්පතිවරයා මාලිමාවේ පොලිස්පතිවරයා විදියට තවදුරටත් හැසිරෙනවද කියලා. පොලිස්පතිවරයා මාලිමාවේ පොලිස්පතිවරයාද එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයාද කියල අපි බලාගෙන ඉන්නවා.ජනතාවට ඉතාමත් ම අපහසු කාලයක් මේ කාලය. දේශපාලනය කරන පක්ෂයක් විදියට අපි ඒක තේරුම් ගත යුතුයි. ආණ්ඩුව ඒක තේරුම් ගත යුතුයි.ජනතාව මත අසීරු බදු ගොඩක් පටවලා තියෙනවා. ඒ වගේම ගල් අඟුරු වංචාවෙන් වෙච්ච පාඩුව. ඒ වගේම ලෝකයේ වැඩිම මිලට තෙල් මිලදී ගත්ත ආණ්ඩුව බවට අපි පත්වෙලා තියෙනවා. ලෝකයේ වැඩිම මිලට තෙල් ගත්ත කතාව අපි නෙවෙයි කියන්නේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝකයේ වැඩිම මිලට තෙල් ගෙනල්ලා අසීමිත බරක් ජනතාව පිට පටවපු ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම දිට්වා සුළි කුණාටුවෙන් අසරණ වෙච්ච ජනතාවට තාමත් සාධාරණයක් කරන්න ජනාධිපතිවරයා එක ගෙදරකට ගිහිල්ලා කිරි ඉතිරෙව්වා. එදා ගියාද නැද්ද කියලා කියන්න මම දන්නෑ හැබැයි කිරි උතුරුවලා තිබුණා. ඒක හොඳයි.තවමත් ජනතාව අනාථ කඳවුරුවල ජීවත්වන තැනට පත්වෙලා තියෙනවා. අනාරක්ෂිත තැන්වලින් ජනතාව ඉවත් කරන්න කටයුතු කරල නෑ, ඒ නිසා මේ අවුරුද්ද ඉතාමත් අභියෝගාත්මක අවුරුද්දක් ජනතාවට. මොකද ආණ්ඩුව පැහැදිලිවම තමන්ගේ වැරදි වහගන්න විපක්ෂ මර්දනය කරනවා. තමන්ගේ නොහැකියාව වහගන්න ඒ පීඩනය ජනතාවට දෙනවා ගල් අඟුරු ගැන හොයන්න ඕන 2009 ඉඳලා නෙවි මේක 1988 -89 කාලයේ ඉඳන් හොයන්න ඕන. ඒ කියන ගල් අඟුරු තිබුණ නම් ඒ කාලේ. පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා, මේ ආණ්ඩුව. එක පැත්තකින් කලින් පිල්ලෙයාල් හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගත්තා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් . විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තු ඇවිත් කිව්වා ඔහු අනාවරණය කරලා තියෙනවා තොරතුරු රාශියක් කියලා. ඔහු උසාවියට ඉදිරිපත් කරන්නේ මොකටද වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන්. ඒ වගේම අද සුරේෂ් සලේ අපේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔහුව ප්‍රශ්න කරනවා. හැබැයි කවුද ඔහුව ප්‍රශ්න කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ බුද්ධි අංශ වාර්තා ලාච්චුවේ හංගගෙන හිටපු දෙන්නා. දැන් ඒ දෙන්නම තමයි ගල් අඟුරු ගැන හොයන්න යන්නේ. ඒක තමයි හොඳම විහිළුව. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුත්තේ ජේවීපී එකෙන්. ඊබ්‍රාහිම්ගෙන් අහන්න ඇයි පුතාලා දෙන්න එහෙම කරේ කියලා. දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මහ මොළකරුවෙක් ඉන්නවා. ඒ රාජපක්ෂලා කියල කියනවනේ . ඉතින් මොළකරු ඊබ්‍රාහිම් මහත්තයා දන්නවා ඇතිනේ. එයාගේ පුතාලා දෙන්නා ත්‍රස්තවාදියෝ වුණේ රාජපක්ෂල නිසාද වෙන හේතුවක් නිසාද කියලා ඔහු තාම ජවිපෙ එකේ සාමාජිකයෙක්නෙ . ජාතික ලැයිස්තුවේ හිටියනේ. ජේවීපී එකට වියදම් කරානේ. තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපළත් නිදහස් කරලා දීලා කොහෙවත් නැති පිරිසකට ඇඟිල්ල දිගු කළාට හරි යන්නේ නෑ.

තවදුරටත් කියවන්න
ජනාධිපතිවරයා තුන්පාරක් ඇමති කුමාර ජයකොඩිව රැක්කා: නාමල්
General20 April 2026

කල්පිටියේ ළඳු කැලෑවක සඟවා තිබූ බීඩි කොළ කිලෝ 1,300ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් තුන්සියයකට (1,300) අධික තොගයක් කල්පිටිය, කුඩාව ප්‍රදේශයේදී සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා.නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව පසුගිය (18) වැනිදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම වැටලීම සිදු කර තිබෙනවා.වයඹ නාවික විධානයේ ‘ශ්‍රී ලංකා නාවික නෞකා විජය’ ආයතනය මඟින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී, කුඩාව ප්‍රදේශයේ පිහිටි ළඳු කැලෑවක් පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.එහිදී ජාවාරම්කරුවන් විසින් ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ සැකකටයුතු උර 42ක් සොයාගත් අතර, ඒවා පරීක්‍ෂා කිරීමේදී බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,302ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව පවසන්නේ.මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන්නට ඇතැයි සැක කෙරෙන මෙම බීඩි කොළ තොගය, ජාවාරම්කරුවන් විසින් පසුව බෙදාහැරීමේ අරමුණින් මෙලෙස සඟවා තබන්නට ඇති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.නාවික හමුදා භාරයට ගත් මෙම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

තවදුරටත් කියවන්න
කල්පිටියේ ළඳු කැලෑවක සඟවා තිබූ බීඩි කොළ කිලෝ 1,300ක් නාවික හමුදා භාරයට
General20 April 2026

රාගම හිසකෙස් කැපීමේ සිද්ධිය: සැකකාරිය ඇතුළු 05 දෙනා යළි රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළ කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධව රාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා අද (20) නියෝග කළා. එම වෙළෙඳසලේ තවත් සේවකයින් දෙදෙනෙකුයි මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ.ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන සැකකාරිය ඇතුළු පස් දෙනා තවදුරටත් එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට ද මහේස්ත්‍රාත්වරිය නියම කළා.මෙහිදි රාගම පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සඳහන් කෙළේ,''මේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මීට ආධාර හා අනුබල දීම මත එම වෙළෙඳසලේ තවත් සේවකයින් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ සිද්ධිය විඩියෝ කළ ජංගම දුරකථනය අත්අඩංගුවට ගත්තා. නමුත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙළෙඳසලේ සී.සී.ටී.වී.කැමරාවල රූපරාමු නිරීක්ෂණය කිරීමට තිබෙනවා. තවම මෙහි විමර්ශන අවසන් නැහැ.'' යනුවෙන්.සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් විසින් අධිකරණයට කරුණු දක්වමින්,''මීට අදාළ සිදුවීම සුළු සිදුවීමක් වෙනවා. ඒ නිසා එයට ඇප ලබා දිය හැකියි. මේ සිද්ධියට මුහුණ පෑ කාන්තාව එම වෙළෙඳසලේ භාණ්ඩ සොරකම කළ තැනැත්තියක් වෙනවා. ඒ නිසා ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයින්ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.'' අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටි නීතීඥ සුදර්ශන වික්‍රමරත්න විසින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, ''අදාළ සිදුවීම සුළු කරුණක් නෙමෙයි. කාන්තාවගේ කොණ්ඩය කැපීමෙන් පසුව කොණ්ඩය වැවීමට දීර්ඝ කාලයක් ගත වෙනවා. පිරිමියෙකුගේ වගේ නොව කාන්තාවකගේ කොණ්ඩය කැපුවාම ඇය සමාජයේ ප්‍රශ්න කිරීම්වලට පවා මුහුණ දීමට සිදුවන අවස්ථාවන් තිබෙනවා. ඇය භාණ්ඩ සොරකම් කළා නම් එම භාණ්ඩ ඇය ළඟ තිබෙන්නට ඕන. ඇය ළඟ නැහැ. එහෙම නම් ඇය භාණ්ඩ සොරකම් කරලා නැහැ. සැකකරුවන්ට ඇප ලබා දුන්නොත් මහජන කැළඹිලි ඇති වන්නට පවා ඉඩ තිබෙනවා.'' දෙපාර්ශවයේම ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය විසින් සැකකාරිය හා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.රාගම පොලිසිය විසින් මේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ සුදර්ශන වික්‍රමරත්න පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන රාජිකා සිල්වා, සුගත් තල්වත්තේගෙදර හා පී.රණගල පිරිසක් පෙනී සිටියා.

තවදුරටත් කියවන්න
රාගම හිසකෙස් කැපීමේ සිද්ධිය: සැකකාරිය ඇතුළු 05 දෙනා යළි රිමාන්ඩ්
International News

ඉරාන සටන් විරාමය අවසන් වීමේ අවදානමක්: ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

International 21 April 2026
ඉරාන සටන් විරාමය අවසන් වීමේ අවදානමක්: ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

දකුණු ආසියානු සංක්‍රමණිකයින්ට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පෙන්වා කරන ජාවාරමක්

International 21 April 2026
දකුණු ආසියානු සංක්‍රමණිකයින්ට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පෙන්වා කරන ජාවාරමක්

දකුණු කොරියානු ජනපති ඉන්දියාවට

International 20 April 2026
දකුණු කොරියානු ජනපති ඉන්දියාවට

අමෙරිකාව සමඟ සාම සාකච්ඡාවලට එක්වීමට ඉරානයේ අවධානය

International 20 April 2026
අමෙරිකාව සමඟ සාම සාකච්ඡාවලට එක්වීමට ඉරානයේ අවධානය

එක්සත් අරාබි එමීරයේදී ඉරාන ත්‍රස්ත කල්ලියක් අත්අඩංගුවට

International 20 April 2026
එක්සත් අරාබි එමීරයේදී ඉරාන ත්‍රස්ත කල්ලියක් අත්අඩංගුවට

ඉරානය සමඟ ගිවිසුම අදම අත්සන් කළ හැකියි: ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

International 20 April 2026
ඉරානය සමඟ ගිවිසුම අදම අත්සන් කළ හැකියි: ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ මුර සංචාරක පොලිස් ප්‍රධානී ධුරය අත්හරී

International 20 April 2026
යුක්‍රේනයේ මුර සංචාරක පොලිස් ප්‍රධානී ධුරය අත්හරී

අනතුරු ඇඟවීම් නොතකා යාත්‍රා කළ ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ඇමරිකාවෙන් ප්‍රහාරයක්

International 20 April 2026
අනතුරු ඇඟවීම් නොතකා යාත්‍රා කළ ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ඇමරිකාවෙන් ප්‍රහාරයක්

අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට එකඟ වූ කතාව ඉරානය ප්‍රතික්ෂේප කරයි

International 19 April 2026
අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට එකඟ වූ කතාව ඉරානය ප්‍රතික්ෂේප කරයි

අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් ළමුන් 8ක් මරුට

International 19 April 2026
අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් ළමුන් 8ක් මරුට

අමෙරිකාව සමඟ සාකච්ඡාවට ඉරාන නියෝජිත පිරිසක් අඟහරුවාදා පාකිස්ථානයට

International 19 April 2026
අමෙරිකාව සමඟ සාකච්ඡාවට ඉරාන නියෝජිත පිරිසක් අඟහරුවාදා පාකිස්ථානයට

ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

International 19 April 2026
ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

මැලේසියාවේ හදිසි ගින්නකින් නිවාස 200ක් විනාශයි

International 19 April 2026
මැලේසියාවේ හදිසි ගින්නකින් නිවාස 200ක් විනාශයි

ඉන්දීය උප ජනපති අද පෙරවරුවේ දිවයිනට

International 19 April 2026
ඉන්දීය උප ජනපති අද පෙරවරුවේ දිවයිනට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානයෙන් තීරණයක්

International 18 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානයෙන් තීරණයක්
Sports Stories
Explore More
ඉන්දීය ක්‍රිකට් පරිපාලනය දේශපාලනීකරණය වී ඇති බවට විස්ඩන් සඟරාවෙන් චෝදනා

ඉන්දීය ක්‍රිකට් පරිපාලනය දේශපාලනීකරණය වී ඇති බවට විස්ඩන් සඟරාවෙන් චෝදනා

ගෝලීය ක්‍රිකට් පරිපාලනය තුළ සිදුවන ඉන්දීය දේශපාලන මැදිහත්වීම් විවේචනයට ලක් කරන විස්ඩන් (Wisden) සඟරාව, වර්තමාන තත්ත්වය අධිකාරීවාදී (Orwellian) පාලනයක් සහිත ස්වරූපයක් ගන්නා බව පවසා තිබෙනවා.එක්සත් රාජධානිය පදනම් කරගත්, 1864 දක්වා දිවෙන ඉතිහාසයක් ඇති "විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඇල්මනැක්" (Wisden Cricketers’ Almanack) සඟරාව, ලොව පුරා ප්‍රධාන ක්‍රිකට් සිදුවීම් වාර්තා කරන වාර්ෂික ප්‍රකාශනයක් වන අතර එය ක්‍රිකට් ක්‍රීඩාවේ "බයිබලය" ලෙසයි සැලකෙන්නේ.බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත එහි 163 වැනි වාර්ෂික සංස්කරණයේදී, සංස්කාරක ලෝරන්ස් බූත් විසින් ගෝලීය ක්‍රීඩාව තුළ පවතින අහිතකර සහ දේශපාලනීකරණය වූ ඉන්දීය ආධිපත්‍යය පෙන්වා දී තිබෙනවා.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා සහ සභාපති ජේ ෂා යන දෙදෙනාම ඉන්දියානුවන් වනවා.ජේ ෂා යනු ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ දීර්ඝකාලීන මිතුරෙකු වන අමිත් ෂාගේ පුත්‍රයායි.ඔහු ICC සභාපති වීමට පෙර නායකත්වය දුන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI), ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) "ක්‍රීඩා අනුබද්ධිත අංශයක්" ලෙස විස්ඩන් හඳුන්වා දී තිබෙනවා.ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ කෙටි යුධමය වාතාවරණයක් මධ්‍යයේ පැවැති 2025 ආසියානු කුසලානයට දේශපාලනය බලපෑ ආකාරය ද බූත් පෙන්වා දී තිබෙනවා.ඉන්දීය ක්‍රිකට් පරිපාලනය දේශපාලනීකරණය වී ඇති බවට විස්ඩන් සඟරාවෙන් චෝදනාගෝලීය ක්‍රිකට් පරිපාලනය තුළ සිදුවන ඉන්දීය දේශපාලන මැදිහත්වීම් විවේචනයට ලක් කරන විස්ඩන් (Wisden) සඟරාව, වර්තමාන තත්ත්වය අධිකාරීවාදී (Orwellian) පාලනයක් සහිත ස්වරූපයක් ගන්නා බව පවසා තිබෙනවා.එක්සත් රාජධානිය පදනම් කරගත්, 1864 දක්වා දිවෙන ඉතිහාසයක් ඇති "විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඇල්මනැක්" (Wisden Cricketers’ Almanack) සඟරාව, ලොව පුරා ප්‍රධාන ක්‍රිකට් සිදුවීම් වාර්තා කරන වාර්ෂික ප්‍රකාශනයක් වන අතර එය ක්‍රිකට් ක්‍රීඩාවේ "බයිබලය" ලෙසයි සැලකෙන්නේ.බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත එහි 163 වැනි වාර්ෂික සංස්කරණයේදී, සංස්කාරක ලෝරන්ස් බූත් විසින් ගෝලීය ක්‍රීඩාව තුළ පවතින අහිතකර සහ දේශපාලනීකරණය වූ ඉන්දීය ආධිපත්‍යය පෙන්වා දී තිබෙනවා.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා සහ සභාපති ජේ ෂා යන දෙදෙනාම ඉන්දියානුවන් වනවා.ජේ ෂා යනු ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ දීර්ඝකාලීන මිතුරෙකු වන අමිත් ෂාගේ පුත්‍රයායි.ඔහු ICC සභාපති වීමට පෙර නායකත්වය දුන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI), ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) "ක්‍රීඩා අනුබද්ධිත අංශයක්" ලෙස විස්ඩන් හඳුන්වා දී තිබෙනවා.ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ කෙටි යුධමය වාතාවරණයක් මධ්‍යයේ පැවැති 2025 ආසියානු කුසලානයට දේශපාලනය බලපෑ ආකාරය ද බූත් පෙන්වා දී තිබෙනවා.එමෙන්ම එහිදී දෙරටේ ක්‍රීඩකයෝ එකිනෙකා අතර අතට අත දීම පවා ද ප්‍රතික්ෂේප කර තිබුණා."දේශපාලනය සහ ක්‍රීඩාව එකට යා නොහැකි බවට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි කළ ප්‍රකාශයට වඩා, 2025 වසරේ ක්‍රීඩා පරිපාලනය පිළිබඳ පැහැදිලි දෝෂාරෝපණයක් තිබිය හැකිද? ඔහු තම රටේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා බව ඔහුට අමතක වී ඇති බව පෙනේ," යැයි බූත් සඳහන් කර තිබෙනවා.එසේම පාකිස්තානය සමග පැවති අවසන් මහා තරගයෙන් ඉන්දියාව ජය ගැනීමෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝදි Xහි තැබූ සටහන ද බූත් විවේචනය කර ඇති අතර, මෝදි එහි සඳහන් කර ඇත්තේ, "ක්‍රීඩා පිටියේ ඔපරේෂන් සින්දූර් (Operation Sindoor). ප්‍රතිඵලය සමානයි - ඉන්දියාව දිනයි!" යනුවෙන්.සැබෑ ලෝකයේ සිදු වූ 'ඔපරේෂන් සින්දූර්' මෙහෙයුමෙන් දෙරටේම දස දහස් ගණනක් මිය ගිය බවයි බූත් සඳහන් කරන්නේ.තවද, බංග්ලාදේශයේ හින්දු භක්තිකයන් ඝාතනය කිරීමෙන් පසු දෙරට අතර ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති ඩොලර් මිලියනයක ගිවිසුමෙන් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන්ව නිදහස් කිරීම ද බූත් උදාහරණයක් ලෙස ගෙනහැර දක්වා තිබෙනවා.මෙම සිදුවීමෙන් පසු බංග්ලාදේශ රජය සිය ක්‍රීඩකයින්ට ඉන්දියාවට යාමට අවසර නොදීම නිසා බංග්ලාදේශය මෙවර පිරිමි විස්සයි20 ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට ද හේතු වුණා._අල්ජසීරා_එමෙන්ම එහිදී දෙරටේ ක්‍රීඩකයෝ එකිනෙකා අතර අතට අත දීම පවා ද ප්‍රතික්ෂේප කර තිබුණා."දේශපාලනය සහ ක්‍රීඩාව එකට යා නොහැකි බවට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි කළ ප්‍රකාශයට වඩා, 2025 වසරේ ක්‍රීඩා පරිපාලනය පිළිබඳ පැහැදිලි දෝෂාරෝපණයක් තිබිය හැකිද? ඔහු තම රටේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා බව ඔහුට අමතක වී ඇති බව පෙනේ," යැයි බූත් සඳහන් කර තිබෙනවා.එසේම පාකිස්තානය සමග පැවති අවසන් මහා තරගයෙන් ඉන්දියාව ජය ගැනීමෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝදි Xහි තැබූ සටහන ද බූත් විවේචනය කර ඇති අතර, මෝදි එහි සඳහන් කර ඇත්තේ, "ක්‍රීඩා පිටියේ ඔපරේෂන් සින්දූර් (Operation Sindoor). ප්‍රතිඵලය සමානයි - ඉන්දියාව දිනයි!" යනුවෙන්.සැබෑ ලෝකයේ සිදු වූ 'ඔපරේෂන් සින්දූර්' මෙහෙයුමෙන් දෙරටේම දස දහස් ගණනක් මිය ගිය බවයි බූත් සඳහන් කරන්නේ.තවද, බංග්ලාදේශයේ හින්දු භක්තිකයන් ඝාතනය කිරීමෙන් පසු දෙරට අතර ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති ඩොලර් මිලියනයක ගිවිසුමෙන් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන්ව නිදහස් කිරීම ද බූත් උදාහරණයක් ලෙස ගෙනහැර දක්වා තිබෙනවා.මෙම සිදුවීමෙන් පසු බංග්ලාදේශ රජය සිය ක්‍රීඩකයින්ට ඉන්දියාවට යාමට අවසර නොදීම නිසා බංග්ලාදේශය මෙවර පිරිමි විස්සයි20 ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට ද හේතු වුණා._අල්ජසීරා_

තවදුරටත් කියවන්න
Business Stories
Explore More
Melwa Conglomerate ‘Night of the Generals’ සාර්ථකව පැවැත්වෙයි

Melwa Conglomerate ‘Night of the Generals’ සාර්ථකව පැවැත්වෙයි

Melwa Conglomerate සංවිධානය කළ “Night of the Generals” උත්සවය පෙබරවාරි 27 දින කොළඹ Cinnamon Life හිදී සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඉංජිනේරු, ඉදිකිරීම්, මූල්‍ය සහ කාර්මික ක්ෂේත්‍රවල ප්‍රමුඛ වෘත්තීයවේදීන් රැසක් එයට සහභාගී වූහ.නවීන නගර සංවර්ධනය සහ යටිතල පහසුකම්වල අනාගතය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සඳහා මෙම අවස්ථාව කර්මාන්ත නායකයන්ට වැදගත් වේදිකාවක් විය.උත්සවයේ විශේෂ අංගයක් ලෙස “Smart and Resilient Cities” යන මාතෘකාව යටතේ පැවැති සංවාදයට ජාත්‍යන්තර විශේෂඥයන් වන George Kunihiro සහ Naveed Anwar සහභාගී වූහ. නගර සැලසුම්කරණය, ඉංජිනේරු ක්ෂේත්‍රය සහ තාක්ෂණික නවෝත්පාදන පිළිබඳ ඔවුන්ගේ අදහස් විශේෂ අවධානය දිනා ගත්තේය.George Kunihiro සඳහන් කළේ 2050 වන විට ලෝක ජනගහනයෙන් සියයට 70කට ආසන්න පිරිසක් නගරවල ජීවත් වනු ඇති බවත්, ඒ අනුව යටිතල පහසුකම් සහ සම්පත් මත දැඩි පීඩනයක් ඇති වනු ඇති බවත්ය.Naveed Anwar අවධාරණය කළේ තාක්ෂණය හා ඉංජිනේරු ක්‍රමවේද ඒකාබද්ධ කිරීම තිරසාර හා ශක්තිමත් නගර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බවයි.මෙම අවස්ථාවට සහභාගී වූ වෘත්තීයවේදීන්ගේ විවිධත්වය, නවීන සංවර්ධන ක්‍රියාවලිය තුළ විවිධ ක්ෂේත්‍ර අතර සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කළේය. දැනුම හුවමාරු කර ගැනීම, වෘත්තීය සබඳතා වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ නගර සංවර්ධන දැක්ම පිළිබඳ අදහස් එකට ගැළපීම සඳහාද මෙය අගනා අවස්ථාවක් විය.2002දී වානේ නිෂ්පාදන සමාගමක් ලෙස ආරම්භ වූ Melwa Conglomerate, වර්තමානයේ ඉදිකිරීම්, ආගන්තුක සත්කාර, ඖෂධ, තේ සහ ගෝලීය වෙළඳාම ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන ප්‍රමුඛ කර්මාන්ත සමූහයක් බවට පත්ව ඇත.

තවදුරටත් කියවන්න
ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික නවෝදය: අධිරාජ්‍ය හමුවීම් මධ්‍යස්ථානයෙන් අනාගත පාලමක් වෙත

ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික නවෝදය: අධිරාජ්‍ය හමුවීම් මධ්‍යස්ථානයෙන් අනාගත පාලමක් වෙත

වෝර්සෝ, පොලන්තය – එක්සත් ජනපදය හා චීනය අතර ගෝලීය තරඟකාරීත්වය ඉහළ යන සමයේ, ශ්‍රී ලංකාව භූ-දේශපාලනික සටන් බිමක් ලෙස නොව, නැගෙනහිර හා බටහිර සම්බන්ධ කරන උපායමාර්ගික සහ ආර්ථික පාලමක් ලෙස නැවත ස්ථානගත වෙමින් පවතින බව මහාචාර්ය පැට්රික් මෙන්දිස් පවසයි.පොලන්තයේ ප්‍රසිද්ධ වෝර්සෝ ආර්ථික විද්‍යාලයේ පැවැති දේශනයකදී ඔහු ශ්‍රී ලංකාව “ඉන්දීය මහ සාගරයේ ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් ස්ටේෂන්” ලෙස හැඳින්වීය.ශතවර්ෂ ගණනාවක් පුරා රෝමානු අධිරාජ්‍යයෙන් හෑන් රාජවංශය දක්වා විවිධ සභ්‍යතා සම්බන්ධ කළ මධ්‍යස්ථානයක් වූ ශ්‍රී ලංකාව, සමුද්‍ර වාණිජය හා බෞද්ධ රාජ්‍යතාන්ත්‍රිකතාව හරහා ලෝකයට සම්බන්ධ වූ බව ඔහු සඳහන් කළේය.අනුරාධපුර කුරුසය, පරාක්‍රමබාහු රජ සමය සහ චීන නාවික සෙනාධිපති ෂෙන් හේ විසින් තැබූ ගාලු ත්‍රිභාෂා ශිලා ලිපිය වැනි ඉතිහාස සංකේත, යුරෝපය, මධ්‍යපෙරදිග සහ ආසියාව සමඟ ශ්‍රී ලංකාවේ දිගු සබඳතා පෙන්වන බවද ඔහු පැවසීය.ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය එහි සභ්‍යතාත්මක හැඳින්වීම මත පදනම් වන බව පෙන්වා දුන් මහාචාර්ය මෙන්දිස්, එහි ප්‍රධාන ස්ථම්භ තුන ලෙස බෞද්ධ කරුණාව, ජල පද්ධති සභ්‍යතාව සහ සමුද්‍ර වාණිජ උරුමය හඳුන්වා දුන්නේය.ඒවා අතීතයේ මතක සටහන් පමණක් නොව, නවීන මානව කේන්ද්‍රීය රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක උපායමාර්ගික වත්කම් බවද ඔහු අවධාරණය කළේය.භූ-දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාව චීනය, ඉන්දියාව සහ එක්සත් ජනපදය ඇතුළු බලශක්ති අතර සූක්ෂම සමතුලිතතාවයක් පවත්වාගෙන යන බවද ඔහු පැවසීය.චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීෂියටීව් යටතේ කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර, ඉන්දියාව ශ්‍රී ලංකාව තම මහ සාගර ආරක්ෂාවට අත්‍යවශ්‍ය රටක් ලෙස සලකන බවද සඳහන් කළේය.එමෙන්ම එක්සත් ජනපදය, ජපානය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ඉන්දු-පැසිෆික් උපායමාර්ගය යටතේ ශ්‍රී ලංකාව සමඟ සබඳතා වර්ධනය කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.යුරෝපා සංගමය සමඟ ශ්‍රී ලංකාවේ වෙළඳ, සංචාරක සහ අධ්‍යාපනික සබඳතාද නැවත ශක්තිමත් වෙමින් පවතින අතර, ප්‍රංශය, ජර්මනිය සහ පොලන්තය වැනි රටවල් ශ්‍රී ලංකාව ඉන්දීය මහ සාගරයේ ස්ථායිකරණ සහකරුවෙකු ලෙස දකින බවද පැවසීය.ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන පරිවර්තනය ද විශේෂයෙන් වැදගත් බව සඳහන් කළ ඔහු, රට වඩාත් ඇතුළත්, විවෘත සහ ප්‍රායෝගික පාලන පද්ධතියක් වෙත ගමන් කරමින් සිටින බව කියා සිටියේය.මහාචාර්ය පැට්රික් මෙන්දිස් ශ්‍රී ලංකා උපන් ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන අතර, වර්තමානයේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් පත් කරන ලද ජාතික ආරක්ෂක අධ්‍යාපන පිළිබඳ ජනාධිපති උපදේශකයෙකු ලෙස සේවය කරයි.ඔහු මීට පෙර ජනාධිපති බරක් ඔබාමාගේ පාලන සමයේ ඇමරිකානු රජයේ යුනෙස්කෝ කොමිෂන් සභිකයෙකු ලෙසද සේවය කර ඇත. වර්තමානයේ වෝර්සෝ විශ්වවිද්‍යාලයේ විශිෂ්ට ආගන්තුක මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ඔහු, ඉන්දු-පැසිෆික් සහ ට්‍රාන්ස්-අට්ලැන්ටික් සබඳතා පිළිබඳ ගෝලීය සංවාදයට දායක වෙමින් සිටී.

තවදුරටත් කියවන්න
බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට

සති අන්තයේදී ඇමෙරිකාව සහ ඉරානය එකිනෙකාට එරෙහිව නැව්වලට ප්‍රහාර එල්ල කරමින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවට කළ ප්‍රකාශයන් සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වැසී යාම හේතුවෙන්, සඳුදා දිනයේ බොරතෙල් මිල 6% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සිකුරාදා බොරතෙල් මිල 9% කට වඩා පහත වැටී තිබුණද, මෙම නවතම තත්ත්වය හමුවේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල බැරලයක මිල ඩොලර් 6.11 කින් (6.76%) ඉහළ ගොස් ඩොලර් 96.49 ක් ලෙස සටහන්ව තිබෙනවා. ඇමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් මිල ඩොලර් 6.53 කින් (7.79%) ඉහළ ගොස් බැරලයක් ඩොලර් 90.38 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. තම වරාය අවහිරතා නොතකා යාත්‍රා කිරීමට උත්සාහ කළ ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකානු හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව ජනාධිපති ඩොනල්ඩ් ඊයේ පවසා සිටියා. මේ අතර, ට්‍රම්ප් විසින් යළිත් ගුවන් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර තිබියදීත්, දෙවන වටයේ සාම සාකච්ඡා සඳහා සහභාගී නොවන බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. යුද්ධය ආරම්භ වීමට පෙර ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ හුවමාරු වූ හෝමූස් සමුද්‍ර සන්ධිය සඳහා පනවා තිබූ අවහිරතා ඉරානය විසින් ඉවත් කර පසුව නැවත පැනවීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර ඇමෙරිකාව තවදුරටත් ඉරාන වරායන් වටලා සම්බාධක ක්‍රියාත්මක කරනු ලබනවා. MST Marquee හි පර්යේෂණ ප්‍රධානී සෝල් කැවොනික් පවසන්නේ, "තෙල් වෙළඳපොළ යථා තත්ත්වයට පත්වීමේ සැබෑ තත්ත්වය මත නොව, ඇමෙරිකාව සහ ඉරානය සමාජ මාධ්‍ය හරහා සිදුකරන විවිධ ප්‍රකාශ මත තෙල් මිල උච්චාවචනය වෙමින් පවතින" බවයි.හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත බවට ඉරානය කළ ප්‍රකාශය සහ එය නැවත කිසිදා වසා නොදමන බවට ඉරානය එකඟ වූ බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය හමුවේ පසුගිය සිකුරාදා තෙල් මිල වාර්තාගත ලෙස පහත වැටුණා. එහෙත් එම ප්‍රකාශය "කල් පූර්ව වැඩි" එකක් බව කැවොනික් පෙන්වා දෙන්නේ. නෞකා හිමියන් මෙම මාර්ගයේ ගමන් කිරීමට පෙර එහි ආරක්ෂාව පිළිබඳව දැඩි අවිශ්වාසයකින් පසුවන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

තවදුරටත් කියවන්න
පෙට්‍රෝලියම් පිරවුම්හල හිමියන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්

පෙට්‍රෝලියම් පිරවුම්හල හිමියන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්

පෙට්‍රෝලියම් පිරවුම්හල හිමියන්ගේ කොමිස් මුදල් අඩුවීම සම්බන්ධයෙන් මැදිහත්වීමක් ලබා දෙන ලෙස ඉල්ලා ගෙන පෙට්‍රෝලියම් පිරවුම්හල හිමියන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.මෙම කරුණු සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු අදාළ ආයතන සමඟ කළ සාකච්ඡා සාර්ථක නොවීම හේතුවෙන් මෙම ගැටලුව ජනාධිපතිවරයාගේ අවධානයට ගෙන එන බව සංගමය එම ලිපියේ සඳහන් කර ඇත.සංගමය අනාවරණය කරන්නේ ඉන්ධන පිරවුම්හල හිමියන් හා අලෙවි නියෝජිතයන්ගෙන් 98%ක් පමණ පෞද්ගලික හෝ හවුල් ව්‍යාපාර ලෙස පිරවුම්හල පවත්වාගෙන යන බවයි. දේශපාලන සම්බන්ධතා මත ලැබුණු බලපත්‍ර ඇත්තේ ඉතා සීමිත සංඛ්‍යාවක් බවද සංගමය පවසයි.2025 පෙබරවාරි 25 දින නිකුත් කළ චක්‍රලේඛ අංක 1109 මගින් 2025 මාර්තු 1 සිට ක්‍රියාත්මක වන නව කොමිස් ගණනය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර, පෙර පැවති ප්‍රතිශත පදනම් වූ ක්‍රමය වෙනුවට ස්ථාවර පරාසයක ලීටරයකට ලැබෙන ආදායම සීමා කරන ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව සංගමය සඳහන් කරයි.නව ක්‍රමය යටතේ ලැබෙන ආදායම සේවක වැටුප්, උපකරණ නඩත්තු, බැංකු ණය ගෙවීම් සහ පිරවුම්හල පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අනෙකුත් වියදම් පියවීමට ප්‍රමාණවත් නොවන බව සංගමය පෙන්වා දෙයි.විශේෂයෙන්ම බැංකු ණය ඇති අලෙවි නියෝජිතයන්ට මෙම ක්‍රමය යටතේ ආර්ථික පීඩනය වැඩි වන අතර, මෙම තත්ත්වය දිගටම පැවතී ගියහොත් සමූපකාර සහ පෞද්ගලික පිරවුම්හල කිහිපයක් වසා දැමීමට පවා සිදු විය හැකි බව සංගමය අනතුරු අඟවයි.මෙම නව කොමිස් ක්‍රමය හඳුන්වා දීමේදී කර්මාන්තයේ පාර්ශවකරුවන් සමඟ පෙර සාකච්ඡාවක් නොකළ බවද සංගමය චෝදනා කරයි. එවැනි සාකච්ඡාවක් සිදු කර තිබුණා නම් වඩා ප්‍රායෝගික හා තිරසාර විසඳුමක් ලබාගත හැකිව තිබූ බවද සඳහන් කරයි.වත්මන් ක්‍රමවේදය යටතේ සිලෝන් පෙට්‍රෝලියම් සංස්ථාව සියලු වියදම් අවසාන මිලට ඇතුළත් කරමින් පිරිවැය ආවරණ මිලකරණ ක්‍රමයක් යටතේ ක්‍රියා කරන අතර, පිරවුම්හල හිමියන්ට සීමිත ආදායමක් තුළ සියලු මෙහෙයුම් වියදම් පියවීමට සිදුවීම නිසා ව්‍යුහමය අසමතුලිතතාවයක් ඇති වී ඇති බවද සංගමය පෙන්වා දෙයි.එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පෞද්ගලික ඉන්ධන සමාගම්වල අලෙවි නියෝජිතයන්ට තවමත් විකිණුම් මිලෙන් සම්මතව 3%ක පමණ කොමිස් මුදලක් ලැබෙන අතර, එය තිරසාර ආදායමක් ලබා දෙන බවද සංගමය සඳහන් කරයි.ඉන්ධන මිල නියම කිරීමේ බලය නොමැති වුවද, VAT එකතු කිරීම සහ මුදල් ගෙවා ඉන්ධන මිලදී ගැනීම වැනි අවශ්‍යතා හේතුවෙන් පිරවුම්හල හිමියන්ට වැඩි මුල්‍ය පීඩනයක් ඇතිවී තිබේ.ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ තොග පවත්වා ගැනීමට වැඩි මුදල් ආයෝජනය කළ යුතු වුවද, ලීටරයකට ලැබෙන කොමිස් මුදල වෙනස් නොවීම මෙම ගැටලුව තවදුරටත් උග්‍ර කරයි.මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් ඉන්ධන සැපයුම් ජාලය බිඳ වැටීමේ අවදානමක් ඇති බවත්, එය පාරිභෝගිකයන්ට ඉන්ධන ලබා ගැනීමේදී ගැටලු ඇති කළ හැකි බවත් කර්මාන්ත පාර්ශවකරුවන් අනතුරු අඟවයි.මෙම ගැටලුවට තිරසාර විසඳුමක් ලබා ගැනීම සඳහා ඉන්ධන බෙදාහැරීමේ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් දැනුමක් ඇති විශේෂ කමිටුවක් පත් කරන ලෙසත්, එම කමිටුවට සංගමයේ නියෝජිතයන් ඇතුළත් කරන ලෙසත් සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

තවදුරටත් කියවන්න
මාර්තු මාසයේ සේවා අංශයෙහි ක්‍රියාකාරකම්වල වර්ධනයක්

මාර්තු මාසයේ සේවා අංශයෙහි ක්‍රියාකාරකම්වල වර්ධනයක්

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.ඒ අනුව, මාර්තු මාසයේ දී දර්ශකාංක 59.4ක අගයක් වාර්තා කළා. එමෙන්ම, ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ද මාර්තු මාසය තුළ වර්ධනයක් දක්නට ලැබෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. මූල්‍ය සේවා අංශයෙහි ණය ලබාදීමේ ක්‍රියාකාරකම් ඉහළ යාමක් ද මාර්තු මාසය තුළ දක්නට ලැබෙනවා. මීට අමතරව, උත්සව සමයේ අධික ඉල්ලු‍ම හේතුවෙන් තොග සහ සිල්ලර වෙළඳාම ආශ්‍රිත ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල වර්ධනයක් දක්නට ලැබුණ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.

තවදුරටත් කියවන්න
හෝමූස් විවෘත කිරීමත් සමග ලෝක බොර තෙල් මිල පහළට

හෝමූස් විවෘත කිරීමත් සමග ලෝක බොර තෙල් මිල පහළට

හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නැව් සඳහා සම්පූර්ණයෙන්ම විවෘත‍ බව ඉරානය ප්‍රකාශ කිරීමත් සමග ලෝක බොර තෙල් මිලේ සැලකිය යුතු පහත වැටීමක් දක්නට ලැබෙනවා. ඒ අනුව, බොර තෙල් මිල සියයට 10කින් පමණ පහත වැටී තිබෙනවා.ඊයේ (17) උදෑසන ඩොලර් 98 ඉක්මවා තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල, මේ වනවිට ඩොලර් 88 දක්වා පහත වැටී තිබෙනවා.එසේම ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල ඩොලර් 83.56ක් ලෙස දැක්වුණා.හෝමූස් සමුද්‍ර සන්ධිය, ලොව තෙල් සහ ස්වභාවික වායුවලින් පහෙන් එකක් ප්‍රවාහනය කරන ප්‍රධාන නාවික ගමන් මාර්ගයක් වන අතර, මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමට පෙර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් ඩොලර් 70ට වඩා අඩු මිලකට අලෙවි වුණා. එසේම මාර්තු මාසයේදී එය ඩොලර් 119 ඉක්මවූ උපරිමයකට ළඟාවුණා.තවද, මේ හේතුවෙන් ලෝක කොටස් වෙළෙඳපොළවල් ද ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව, අමෙරිකාවේ S&P 500 දර්ශකය සියයට 1.2කින් ද, ප්‍රංශයේ Cac සහ ජර්මනියේ Dax දර්ශක දෙකම සියයට 2කින් මෙන්ම ලන්ඩනයේ FTSE 100 දර්ශකය සියයට 0.7කින් ඉහළ ගොස් ඇති අබ්වයි බීබීසී පුවත් සේවය සඳහන් කරන්නේ.

තවදුරටත් කියවන්න
Entertainment Stories
Explore More
ආශා බෝස්ලේ වෙනුවෙන් IPL පිටිය නිහඬවෙයි

ආශා බෝස්ලේ වෙනුවෙන් IPL පිටිය නිහඬවෙයි

ඉන්දීය ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේගේ අභාවය වෙනුවෙන් IPL පිටියේදී ශෝකය පළකරමින් නිහඬතාවයක් පැවැත්වුණා.ඒ අද (12) පැවැත්වෙන Mumbai Indians සහ Royal Challengers Bengaluru කණ්ඩායම් අතර තරගයේදීයි.දශක 8කට වැඩි කාලයක් ගීත 12,000කට වැඩි සංඛ්‍යාවකින් බොලිවුඩයේ පමණක් නොව ලොව පුරා රසික සවන් පිනවූ ආශා බෝස්ලේ අද සිය දිවිසැරිය නිමා කළා.ඉන්දීය රජයෙන් පිරිනමන දෙවැනි ඉහළම සිවිල් සම්මානය වන පද්ම විභූෂන් සම්මානයෙන් ද පිදුම් ලබා ඇති ඇය, හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාවට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය 7 වරක් දිනා තිබීමත් විශේෂත්වයක්.1933 වසරේ සැප්තැම්බර් 8 වැනිදා ඉන්දියාවේ මුම්බායි හි සංගීත හා නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ මංගේෂ්කාර් පවුලේ දියණියක ලෙස උපත ලැබූ ආශා බෝස්ලේ හින්දි සිනමාවේ ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨතම පසුබිම් ගායන ශිල්පිනියක වූ ලතා මංගේෂ්කාර්ගේ සොයුරියක්.1943 වසරේදී සිය පළමු මරාති ගීතයෙන් සංගීත ක්ෂේත්‍රයට අත්පොත් තැබූ ඇගේ ගායන ජීවිතයේ පෙරළියක් ඇති කළේ 1957 වසරේදී නායා දවුර් චිත්‍රපටයේ ගීතවලට පසුබිම් හඬ සැපයීමත් සමගයි.භාෂා ගණනාවක් හැසිරවීමේ කුසලතාවකින් හෙබි ආශා බෝස්ලේ ගීත 12,000කට අධික සංඛ්‍යාවක් ගායනා කර ඇති අතර 2011 වසරේදී ගිනස් වාර්තාවකට ද ඇය එක්වුණේ ලොව වැඩිම වාරයක් ශබ්දාගාර පටිගත කිරීම් සිදු කළ ගායිකාව ලෙසයි.ඇය ගායනා කළ චුරා ලියා හේ තුම්නේ ජෝ දිල් කෝ, පියා තු අබ් තු ආජා, දම් මරො දම්, යේ ලඩ්කා හායේ අල්ලා, ඉන් ආකෝ කි මස්ති වැනි ගීත රසිකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වුණා.ජනාදරයට පත් ආශා බෝස්ලේගේ මිහිරි හඬ ශ්‍රී ලාංකික රසිකයින්ට ද සජීවීව රස විඳීමට 2009 වසරේදී අවස්ථාවක් හිමි වුණා.සිය මියුරු හඬින් ඉන්දියාවට අත්කර දුන් කීර්තිය අගයමින් ඉන්දීය රජය විසින් ඇයට 2008 වසරේදී පද්ම විභූෂණ් සම්මානය ද පිරිනැමුවා.පද්ම විභූෂණ් සම්මානය යනු භාරත් රත්න සම්මානයට පසු එරට සිවිල් පුරවැසියෙකුට පිරිනමන දෙවැනි ඉහළම ඇගයීමයි.සිය මියුරු හඬ සදහටම නිහඬ කරමින් 92 හැවිරිදි ආශා බෝස්ලේ අද අභාවප්‍රාප්ත වුණේ මුම්බායි හි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයී.පෙනහළු සංකූලතාවයක් සහ හෘදයාබාධයක් හේතුවෙන් ඇයගේ මරණය සිදුව ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

තවදුරටත් කියවන්න
ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර හා ආහාර කර්මාන්තයට නව ඩිජිටල් විසඳුමක්

ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර හා ආහාර කර්මාන්තයට නව ඩිජිටල් විසඳුමක්

CeylonEat.com ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර හා ආහාර ක්ෂේත්‍රයට නව මාවතක් විවෘත කරමින්, Dining Reservations සහ Instant Online Payments පහසුකම් සහිත නව පරම්පරාවේ ඩිජිටල් වේදිකාවක් ලෙස හඳුන්වා දෙයි.මෙමගින් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී හෝටල් සහ ප්‍රමුඛ රෙස්ටුරන්ට්වල Buffet, High Tea, Brunch සහ Fine Dining අත්දැකීම් එකම ස්ථානයකින් සොයා ගැනීමටත්, එම අවස්ථාවේදීම වෙන් කර මුදල් ගෙවීමටත් පහසුකම් සලසයි.CeylonEat.com හෝටල් හා රෙස්ටුරන්ට් ව්‍යාපාරිකයන්ට Direct Bookings, Vendor Dashboards සහ Targeted Promotions මඟින් නිවැරදි පාරිභෝගිකයන් වෙත සෘජු ප්‍රවේශයක් ලබා දේ. එමෙන්ම No-show අවස්ථා අවම කරමින් ආදායම් ප්‍රවාහය ශක්තිමත් කර නව ආදායම් අවස්ථාද සලසයි.“CeylonEat.com යනු සරල Venue Listing Platform එකක් නොවෙයි. එය ශ්‍රී ලංකාවේ Dining අත්දැකීම් සොයා ගැනීම, භුක්ති විඳීම සහ තෑගි කිරීම නවීකරණය කරන වේදිකාවක්. අපි ප්‍රමුඛ Hospitality Brands සහ නව පාරිභෝගිකයන් අතර සෘජු සම්බන්ධතාවක් ගොඩනඟමින් කර්මාන්තයට නව දිශාවක් ලබා දෙනවා,” යැයි CeylonEat කළමනාකාරිත්වය පැවසීය.“සියලුම හෝටල්, රෙස්ටුරන්ට් සහ ආහාර පාන සේවා සපයන්නන්ට අප සමඟ නොමිලේ එක් වීමට ආරාධනා කරන අතර, වැඩි ප්‍රවර්ධනයක්, පාරිභෝගිකයන් වෙත සෘජු ප්‍රවේශයක් සහ ස්ථාවර ආදායම් වර්ධනයක් ලබා ගැනීමට අවස්ථාව සලසනවා. මෙම විප්ලවීය පියවර ව්‍යාපාරිකයන්ට, පාරිභෝගිකයන්ට සහ රටේ ආර්ථිකයටද සැලකිය යුතු වටිනාකමක් එක් කරනු ඇත.”නවීන තාක්ෂණය සහ උසස් ගුණාත්මකභාවය මූලික කර ගනිමින් CeylonEat.com ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආහාර හා අත්දැකීම් වේදිකාවක් බවට පත් වීමට අරමුණු කරයි.

තවදුරටත් කියවන්න
Beauty by Rosh, ලන්ඩන් විලාසිතා සතිය සමඟ එක් වූ දකුණු ආසියාවේ ප්‍රථමයා බවට පත් වෙයි

Beauty by Rosh, ලන්ඩන් විලාසිතා සතිය සමඟ එක් වූ දකුණු ආසියාවේ ප්‍රථමයා බවට පත් වෙයි

කීර්තිමත් ලන්ඩන් විලාසිතා සතියේ (LFW) ප්‍රධානතම රූපලාවන්‍ය නිර්මාණකරුවන් අතරට එක් වීමට සමත් වූ ප්‍රථම දකුණු ආසියානු රූපලාවන්‍ය සන්නාමය ලෙසBeauty by Rosh පත් වූ අතර, එය දකුණු ආසියාවේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව නව මිණුම් ලකුණක් නිර්මාණය කිරීමක් ලෙස හඳුන්වා දිය හැකිය.ඕස්ට්‍රේලියාවේ පදිංචි, ශ්‍රී ලංකාවේ උපන් ව්‍යවසායිකාවක වන රොෂ් කුමාරසිංහ මහත්මිය මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් වූ අතර, එහිදී ඇයට ලෝ ප්‍රකට රූපලාවන්‍ය නිර්මාණකරුවන් හතර දෙනෙකු සමඟ කටයුතු කිරීමේ අවස්ථාව ද හිමි විය.මෙම ජයග්‍රහණයBeauty by Rosh සන්නාමය ගෝලීය විලාසිතා ක්ෂේත්‍රය වෙත ගෙන යාම මෙන්ම, ලන්ඩන් විලාසිතා සතිය තුළ දකුණු ආසියානු නියෝජනය සම්බන්ධයෙන් ද සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි.

තවදුරටත් කියවන්න
චරිත් පීරිස් ඇමරිකා ආ කැපේලා සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් ලබයි

චරිත් පීරිස් ඇමරිකා ආ කැපේලා සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් ලබයි

ශ්‍රී ලංකාවේ උපත ලද ආ කැපේලා කලාකරු hachajah, ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ පැවති ආ කැපේලා වීඩියෝ සම්මාන උළෙලේදී (AVAs), සිය Mind Gog ආ කැපේලා සංගීත වීඩියෝව සඳහා සම්මාන දෙකකින් පිදුම් ලැබුවේය. Best Electronic/Experimental Video සහ Best Indie Video යන කාණ්ඩ දෙක යටතේ ඔහුට එම සම්මාන ද්විත්වය හිමි විය.නූතන ආ කැපේලා සමාජය (CASA) විසින් වාර්ෂිකව පිරිනමනු ලබන ආ කැපේලා වීඩියෝ සම්මාන මගින් ගෝලීය ආ කැපේලා ප්‍රජාව තුළ වීඩියෝ නිෂ්පාදන විශිෂ්ටත්වය ඇගයුමට ලක් කෙරේ.එම සම්මාන ද්විත්වයට අමතරව, Mind Gog වීඩියෝව සඳහා ඔහු තවත් සම්මාන හයකට නිර්දේශ වූ අතර, ඉතා තරගකාරී ක්ෂේත්‍රයක එය ඉතා සුවිශේෂී ජයග්‍රහණයකි. තවද ඔහු, Outstanding Special/Visual Effects, Outstanding Video Editing, Best Video by a Non-Scholastic Group සහ Best Alteative Video යන කාණ්ඩ තුළ ද දෙවන ස්ථානය හිමිකර ගැනීමට ද සමත් වූයේය.hachajah යන නමින් නිර්මාණ කාර්යයෙහි නිරතවන චරිත් පීරිස්, කොළඹ හැදී වැඩී මේවන විට මැසචූසෙට්ස් ප්‍රාන්තයේ බොස්ටන් නගරයේ ජීවත්වන අතර, ශ්‍රී ලාංකේය රිද්මය, හඬ සහ සංගීතමය හුරුව සම්මිශ්‍ර කරමින් ආ කැපේලා සංගීත ඛණ්ඩ නිර්මාණය කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටී.පසුගිය වසරේ නිකුත් කෙරුණු EP ඇල්බමය පිළිබඳ අදහස් පළ කරමින් hachajah සඳහන් කළේ, What Lies Within ලෙස නම්කෙරුණු EP ඇල්බමය, බොහෝ අවකාශ තුළ ප්‍රකාශ නොවන හැඟීම් ප්‍රකාශ කරන, මුළුමනින්ම නැවුම් ගැඹුරක් විවෘත කෙරෙන නිර්මාණ එකතුවක් බවය."එම ඇල්බමයේ 'Mind Gog' සහ 'Tan Q' නිර්මාණ මගින්, මානසික සෞඛ්‍යය සහ විසංවේදී චිත්ත කම්පනය ආදී ලැබිය යුතු අවධානය නොලැබෙන මාතෘකා පිළිබඳ ගවේෂණය කරනවා. මා මින් පෙර නිකුත්කර ඇති ගීත මෙන් මෙම ගීත ද ශ්‍රී ලංකාවේ මා ලද අත්දැකීම් පාදකකර ගනිමින් නිර්මාණයකර තිබෙනවා. කෙසේනමුත්, ඒවායින් මාගේ පුද්ගලික කතාන්දරය ඉක්මවා ගිය ඉතා පුළුල් අදහස් මතු කරනවා."AVA සම්මාන ද්විත්වයට අමතරව, Mind Gog සංගීත වීඩියෝව සඳහා 2025 ඔක්තෝබර් මසදී ජාත්‍යන්තර සංගීත වීඩියෝ සම්මාන උළෙලේදී (IMVAs) 'Best Drama Music Video' සම්මානය හිමි වූ අතර, 2025 දෙසැම්බර් මසදී පැවති යුරෝපීය සංගීත වීඩියෝ සම්මාන උළෙලේදී ඒ සඳහා 'Best Pop Music Video' සම්මානය ද හිමි විය.hachajah මේවන විට ද තවත් නිර්මාණ කිහිපයක් මෙම වසර පුරා නිකුත් කිරීමට සැලසුම්කර ඇති අතර තුන්වැනි EP සංග්‍රහය 2026 අවසාන භාගයේදී නිකුත් කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. 

තවදුරටත් කියවන්න
සුපිරි නළු තලපති විජේ සහ බිරිඳ සංගීතා දික්කසාද වීමට සැරසෙයි

සුපිරි නළු තලපති විජේ සහ බිරිඳ සංගීතා දික්කසාද වීමට සැරසෙයි

දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවෙකු මෙන්ම දේශපාලන නායකයෙකු වන තලපති විජේ (Vijay) සහ ඔහුගේ බිරිඳ සංගීතා සෝර්නලින්ගම් දික්කසාද වීමට සූදානම් වන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කරනවා.සංගීතා විසින් චෙංගල්පට්ටු පවුල් සුභසාධන අධිකරණය හමුවේ දික්කසාද පෙත්සමක් ගොනු කර ඇති අතර, මෙය මේ වන විට ඉන්දීය සිනමා සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව ඇති බවයි එම වාර්තාවේ සඳහන්.සිනමා විකටන්' (Cinema Vikatan) වාර්තාවකට අනුව, විජේ සහ සංගීතා පසුගිය වසර දෙකක පමණ කාලයක සිට වෙන්ව ජීවත් වී ඇති අතර, මෙම දීර්ඝකාලීන වෙන්වීම පදනම් කරගනිමින් සංගීතා විසින් දික්කසාද පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තාවේ දැක්වෙන්නේ.මෙම නඩුව ලබන අප්‍රේල් 20 වනදා කැඳවීමට නියමිත අතර, එදිනට විජේ සහ සංගීතා යන දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇති බවට අපේක්ෂා කරන බවයි සඳහන්.මූලාශය | ටයිම්ස් ඔෆ් ඉන්දියා

තවදුරටත් කියවන්න
ශකීරාගෙන් මෙක්සිකෝහි ප්‍රසංගයක් නොමිලේ

ශකීරාගෙන් මෙක්සිකෝහි ප්‍රසංගයක් නොමිලේ

සුප්‍රකට කොලොම්බියානු පොප් ගායන ශිල්පිනී ශකීරා, එළඹෙන මාර්තු 1 වැනිදා රාත්‍රියේ මෙක්සිකෝ සිටිහි සොකාලෝ (Zocalo) චතුරශ්‍රයේදී නොමිලේ ප්‍රසංගයක් පවත්වන බව නිවේදනය කර තිබෙනවා."සුන්දර මෙක්සිකෝව! 2007 වසරේ මම සොකාලෝහිදී ඔබ වෙනුවෙන් ගී ගැයූ අයුරු මතකද? ඉතින්, මට ඔබට කියන්න අවශ්‍යයි ඒ දේ නැවතත් සිදු වීමට නියමිත බව," ඇය සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව පවසා ඇත්තේ.ඇයගේ "Las Mujeres Ya No Lloran" (Women Don't Cry Anymore) ලෝක සංචාරය අතරතුර මෙක්සිකෝ සිටිහි Estadio GNP ක්‍රීඩාංගණයේ පැවති ප්‍රසංග 12කට වඩා වැඩි ප්‍රමාණයක ප්‍රවේශ පත්‍ර සියල්ල අලෙවි වී අවසන් වූ අතර, එය එම ක්‍රීඩාංගණයේ වාර්තාවක් ද වුණා.එහිදී ප්‍රවේශ පත්‍ර 780,000ක් පමණ අලෙවි වී ඇති බව සඳහන්.නගරයේ මධ්‍යම චතුරශ්‍රයේ පැවැත්වෙන මෙම නොමිලේ පැවැත්වෙන ප්‍රසංගයට දින කිහිපයකට පෙර, එනම් පෙබරවාරි මස අගදී ඇය නැවතත් එම ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.සොකාලෝ චතුරශ්‍රය දළ වශයෙන් පාපන්දු ක්‍රීඩාංගණ අටක පමණ විශාලත්වයකින් යුක්තයි. ජස්ටින් බීබර්, රොසාලියා සහ ලොස් ෆැබුලෝසෝස් කැඩිලැක්ස් වැනි ප්‍රසිද්ධ කලාකරුවන්ගේ නොමිලේ ප්‍රසංග පැවැත්වීම සඳහා මෙය නිතර භාවිත කෙරෙනවා.එහිදී අවසන් වරට පැවති ප්‍රසංගයකට 300,000ක පමණ රසික පිරිසක් පැමිණ ඇතැයි ගණන් බලා තිබෙනවා.පසුගිය අගෝස්තු මාසයේදී ද ශකීරා මෙවැනි ප්‍රසංගයක් පවත්වන බවට කටකතා පැතිර ගිය නමුත්, එකල එවැනි දෙයක් සංවිධානය කර නොමැති බව නගර පාලනාධිකාරිය ප්‍රකාශ කර තිබුණා.මෙම මාසය මුලදී, බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි කොපකබානා වෙරළ තීරයේ පැවැත්වෙන සම්ප්‍රදායික ප්‍රසංගයේ මෙවර ප්‍රධාන කලාකාරිනිය ලෙස ද ඇයව තෝරා ගෙන තිබෙනවා.මීට පෙර 2024 වසරේ මැඩෝනා සහ 2025 වසරේ ලේඩි ගාගා එහි ප්‍රසංග පවත්වා තිබුණා.ඇයගේ නවතම ඇල්බමය වන "Las Mujeres Ya No Lloran", බිල්බෝඩ් (Billboard) ලතින් ඇල්බම අතර අංක 1 ස්ථානයට පත් වූ අතර, පසුගිය වසර ආරම්භයේදී ඒ වෙනුවෙන් ඇයට ග්‍රැමී සම්මානයක් ද හිමි වුණා.ස්පොටිෆයි (Spotify) හි ඇයට මාසිකව මිලියන 80කට ආසන්න ශ්‍රාවකයින් පිරිසක් සිටින බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

තවදුරටත් කියවන්න
YouTubeහි ප්‍රමුඛ පෙළේ AI නාලිකා 16ක් ඉවත් කෙරේ

YouTubeහි ප්‍රමුඛ පෙළේ AI නාලිකා 16ක් ඉවත් කෙරේ

කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද වීඩියෝ උඩුගත කරන ලද ඉතා ජනප්‍රිය යූටියුබ් නාලිකා කිහිපයක් ඉවත් කිරීමට යූටියුබ් ආයතනය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.වැඩි නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබා ගැනීම සඳහා පරිගණක මගින් ජනනය කරන ලද, ගුණාත්මකභාවයෙන් අඩු සහ එකම දේ නැවත නැවතත් පෙන්වන වීඩියෝ මෙම නාලිකා මගින් උඩුගත කර ඇති බව සඳහන්.මෙම නාලිකා ඉවත් කිරීම 2025 නොවැම්බර් මාසයේදී ආරම්භ වී ඇති අතර, මේ දක්වා ජනප්‍රිය AI නාලිකා 100න් 16ක් ඉලක්ක කර ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.ඉවත් කරන ලද මෙම නාලිකාවලට මිලියන සංඛ්‍යාත ග්‍රාහකයින් (Subscribers) සහ බිලියන සංඛ්‍යාත නැරඹුම් වාර (Views) හිමිව තිබුණා.එසේම ඉවත් කරන ලද නාලිකා 16 සතුව ග්‍රාහකයින් මිලියන 35කට වඩා සිටි බවත්, නැරඹුම් වාර ප්‍රමාණය බිලියන 4.7කට ආසන්න බවත්, මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.එමෙන්ම ඔවුන්ගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 10කට ආසන්න වූ බව වාර්තා වෙනවා.බොහෝ පරිශීලකයින් චෝදනා කළේ මෙම AI අන්තර්ගතයන් නිසා සැබෑ නිර්මාණකරුවන්ට ලැබිය යුතු අවධානය අඩුවන බවයි. ගුණාත්මකභාවයෙන් තොර AI අන්තර්ගතයන් සීමා කිරීමටත්, සැබෑ නිර්මාණකරුවන්ට අවස්ථාව ලබා දීමටත් යූටියුබ් ආයතනය දැඩි උත්සාහයක නිරත වන බව මෙයින් පැහැදිලි වෙනවා.මෙම නාලිකා ඉවත් කිරීම සඳහා යූටියුබ් ආයතනය නව පද්ධතියක් භාවිතා කර නොමැති අතර, ස්පෑම් (Spam) සහ නොමගයවන සුළු දේවල් (Clickbait) නැවැත්වීමට දැනට පවතින මෙවලම්ම භාවිතා කර ඇති බවටයි වාර්තා වෙන්නේ. මෙම නාලිකා බොහොමයක් ස්වයංක්‍රීය නිෂ්පාදන ක්‍රම සහ ව්‍යාජ ක්‍රම මගින් නැරඹුම් වාර ලබා ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

තවදුරටත් කියවන්න
මිනිස් මවකගේ තුරුලේ වැඩී වනගත වූ ග්‍රීන්

මිනිස් මවකගේ තුරුලේ වැඩී වනගත වූ ග්‍රීන්

නිරිතදිග චීනයේ තණබිම්වල මියයමින් සිටි වෘක පැටවෙකු බේරාගෙන හදාවඩාත්, චීන වනජීවී කලාකාරිනියක වන ලී වෙයීයි සහ ඇගේ වෘක පුත්‍රයාගේ වනගත ගමන ඇතුළත් Retu to the Wolves වාර්තා චිත්‍රපටය, මෑතකදී නැවතත් මහත් අවධානය දිනාගනිමින් චීන සමාජ මාධ්‍ය ජාල තුළ බිලියන 2.8ක නරඹන්නන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත්ව තිබෙනවා.2017 වසරේ නිකුත් වූ මෙම සිනමාපටයට පාදක වූ ලී වෙයීයිගේ සහ ග්‍රීන් නමැති වෘකයාගේ සත්‍ය කතාව ආරම්භ වූයේ මීට දශකයකටත් ඉහත කාලයකදීයි.2010 අප්‍රේල් මාසයේදී සිචුවාන් ප්‍රාන්තයේ සොයිජ් ප්‍රෙයිරී හි සිතුවම් අඳිමින් සිටියදී ලී හට දින පහක් වයසැති මෙම වෘක පැටවා හමු වී තිබුණා. මිනිසුන් විසින් උගේ දෙමාපියන් මරා දමා තිබූ අතර, පැටවා ගල් කුහරයක් තුළ සැඟවී සිටියා. හාත්පස පැතිරුණු තණබිම්වල වර්ණය සහ ග්‍රිම් සහෝදරයන්ගේ කතා සිහිපත් කරමින් ලී මෙම පැටවාට ‘ග්‍රීන්’ (කොළ පැහැය) ලෙස නම් තැබුවා. එම ප්‍රදේශයේ සත්ත්ව සත්කාර පහසුකම් අවම වීම නිසා ලී විසින් ග්‍රීන්ව චෙන්ග්ඩු හි පිහිටි ඇගේ නිවසට රැගෙන ආවා. ඇය සහ ඇගේ එවකට පෙම්වතා වූ ඡායාරූප ශිල්පී යී ෆෙන්ග් විසින් මෙම පැටවාව තමන්ගේම පුතෙකු මෙන් ඇති දැඩි කළ අතර ග්‍රීන්ගේ මිතුරා වූයේ නිවසේ සිටි පොමරේනියන් වර්ගයේ සුනඛයායි.රූපවාහිනියෙන් ඇසෙන වෘක හඬවල් අනුකරණය කිරීමටත්, විදුලි රැහැන් හැපීමටත්, පොකුණකින් මසුන් ඇල්ලීමටත් ග්‍රීන් හුරුවුණා. ග්‍රීන් වැඩෙත්ම උගේ දත් මුවහත් වූ අතර, ආහාර ආරක්ෂා කිරීමටත් රාත්‍රී කාලයේ උඩුබුරුලෑමටත් පටන් ගත්තා.ග්‍රීන්ව සත්වෝද්‍යානයකට භාර දෙන ලෙස මිතුරන් පැවසුවද, සිරකර තැබූ වෘකයන් දැකීමෙන් පසු ලී එම අදහස ප්‍රතික්ෂේප කළා. "ග්‍රීන්ගේ නිදහස සහ අභිමානය ජීවිතයටත් වඩා වටිනවා" යැයි ඇය පැවසුවා. වෘකයන්ගේ හැසිරීම් පිළිබඳව පර්යේෂණ කිරීමෙන් පසු, 2010 ජූලි මාසයේදී ලී සිය නිවස විකුණා ග්‍රීන්ව නැවත වනගත කිරීමට සොයිජ් ප්‍රේයිරී වෙත රැගෙන ගියා. එහිදී ටිබෙට් ජාතික මිතුරෙකු සමඟ සිටියදී ග්‍රීන් දඩයම් කිරීමට ඉගෙන ගත් අතර, බල්ලන් මෙන් බිරීමටද හුරු වුණා. අභියෝග රැසකට පසු 2011 වසරේදී ග්‍රීන් හට නව වෘක රංචුවක් හමු වී තිබුණා.වෙන්වන මොහොතේ ලී කඳුළු පිරුණු දෑසින්, "යන්න මගේ පුතේ, බය වෙන්න එපා. මම ඔබ යන දිහා බලාගෙන ඉන්නවා. ඔබ සොබාදහමේ දරුවෙක්" යැයි පැවසුවේ තම කුසෙන් වැදූ දරුවකු වෙන්ව යන තරම් වේදනාවකින්. මාස නවයක් වයසැති ග්‍රීන් සිය මිනිස් මවගෙන් සමුගෙන වනගත වූ අතර ග්‍රීන් මිනිසුන් යටතේ හැදී වැඩී සාර්ථකව වනගත වූ ලොව පළමු වෘකයා බවට පත් වුණා.චීනයේ වෘක ගහනය පරිසර වෙනස්වීම් සහ දඩයම් කිරීම නිසා සීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. 2011 වන විට සොයිජ් ප්‍රදේශයේ ඉතිරිව සිටියේ වෘකයන් 100ක් පමණයි. 2013 දී ලී සහ යී නැවත පැමිණි විට ග්‍රීන්ගේ පැටවුන් තිදෙනෙකු මියගොස් හෝ අතුරුදහන් වී ඇති බව දැනගන්නට ලැබුණා. කෙසේ වෙතත්, වෘක රංචුවේ නායකයා වී සිටි ග්‍රීන් දුර සිට ලී දෙස බොහෝ වේලාවක් බලා සිටි බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.2020 දී සිචුවාන් රජය පළමු වෘක ආරක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවූ අතර, 2021 දී වෘකයන් ආරක්ෂිත සත්ව විශේෂයක් ලෙස ප්‍රකාශයට පත් කළා. දැන් වෘකයන් දඩයම් කරන්නන්ට වසර 10ක් දක්වා සිරදඬුවම් නියම කළ හැකියි. දැනට එම රක්ෂිතයේ වෘකයන් 115ක් පමණ සිටින බව පැවසෙනවා. ග්‍රීන් අවසන් වරට දැක ඇත්තේ 2020 වසරේදී වන අතර, එවිට උගේ වයස අවුරුදු 10ක්. වෘකයෙකු සාමාන්‍යයෙන් අවුරුදු 12 සිට 16 දක්වා ජීවත් වනවා."දැන් මේ තණබිම්වල සිටින සෑම වෘකයෙක්ම ග්‍රීන් ලෙස හඳුන්වනවා" යැයි යී ෆෙන්ග් පවසනවා. සිය ජීවිතය වනජීවී ආරක්ෂාව වෙනුවෙන් කැප කළ ලී වේයී මෑතකදී පවසා ඇත්තේ ඇය කළ හැකි සෑම දෙයක්ම කර ඇති බැවින් දැන් නිහඬව සිටින බවයි. ග්‍රීන් හිම මත සිනාසෙමින් දුවන ඡායාරූපයකට ඇය සිය ප්‍රසාදය පළ කර වැඩි යමක් නොකීවද ඇයගේ දෑසින් ග්‍රීන්ගේ ඈත්වීමේ වේදනාව දැකගත හැකි වුණා.  

තවදුරටත් කියවන්න
Hiru TV News | Programmes
////////////////////////////////////////////////ON 2025-10-9 valible milan closed ///////////////////////////////////////